ඔයාගේ සමාජ දුරස්ථ භාවය ඔයා තියාගන්න… ජීවන් තොණ්ඩමන් අනිල් ජාසිංහට තර්ජන කරයි…

සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කරමින්, පවතින ඇඳිරි නීති තත්වයන් නොසලකා සංවිධානය කරන්නට යන ආරුමුගම් තොණ්ඩමන්ගේ අවසන් කටයුතු සෞඛ්‍ය පිළිවෙතක් රකිමින්   නිරෝධායන නීතිවලට අනුගතව කරනන්ට උපදෙස් දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ජීවන් තොණ්ඩමන් විසින් ඊයේ  සවස (29) දුරකථනයෙන් තර්ජනය කර තිබේ.

නුවරඑළියට දේහය රැගෙන ගිය අවස්ථාවේ සිට සියලුම නිරෝධායන නීති උල්ලංඝණය කරමින්  අවමංගල්‍යය පැවැත්වෙන බව නිරීක්ෂණය කළ නුවර එළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය අංශ ඒ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශටය පැමිණිළි කලහ. ඒ අනුව සෞඛ්‍ය උපදෙස් අනුව 29 උදෑසන සිට නුවර එළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවනු ලැබීය.

ඇඳිරි නීතියත් නොසලකා කෙරෙන හැසිරීම ගැන දිගින් දිගටම  පැමිණිලි එන විට ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා සෞඛ්‍ය ඇමතිනිය ප්‍රමුඛ සෞඛ්‍ය අංශයේ ඉහළම නිලධාරීහු ඊයේ පෙරවරු2වේ (  29)  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වූහ.  එහිදී ද තීන්දු වන්නේ නිරෝධායන නීති හැකි උපරිමයෙන් ආරක්ෂා කරන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමය.


මේ කිසිම නීතියක් නොසලකා ජිවන් තොණ්ඩමන් විසින් පන්දහසකට අධික පිරිසක් රැස් කර හෙට (31) අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් සිට ඇත. ඇඳිරි නීතිය පැනවීමත් සමගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ජීවන් තොණ්ඩමන් ඊයේ (29) සවස දුරකථනයෙන් අමතා ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ රට මෙපමණ දුරක් පැමිණි ගමන අර්බුදයකට ලක් නොකර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරමින් රටට ආදර්ශයක් ලෙස මෙම අවමංගල්‍ය උත්සවය පවත්වන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට පිළිතුරු දුන් ජීවන් තොණ්මන් කියා ඇත්තේ ඔබගේ සමාජ දුරස්ථ භාවය ඔබ තියාගන්න… මට මිනිසුන් අවශ්‍යයි. පියා සිටියේ මිනිසුන් සමගයි. මිනිසුන් නොගෙන්වා අවමංගල්‍ය උත්සලවය පැවැත්වීමට තමන් සූදානම් නැති බවය.

Exit mobile version