ඔමික්‍රොන් සුනාමියකට සූදානම් වන හැටි සෞඛ්‍ය අංශ කියයි!

ඔමික්‍රෝන් වයිරසය රටතුල සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පැන නැගුණහෝත් ඒ සදහා රෝහල් පද්ධතිය සූදානමින් තබා ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව සදහන් කරයි.

රෝහල් පද්ධතියට පැමිණෙන රෝගීන් දරා ගැනීමට අපහසු වුවහොත් නිවෙස්තුල රඳවා ප්‍රතිකාර කිරිමේ වැඩසටහන නැවත ආරම්භ කරන බව විශේෂඥවරයා පැවසීය.

මේ සදහා ආසාදිතයන්ට 1390 දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වැඩිදුර විස්තර ලබා ගත හැකි යැයිද ඔහු කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට ඔමික්‍රෝන් වයිරසය ලෝකයේ රටවල් 124 ට අධික සංඛ්‍යාවක පැතිර ගොස් ඇති බවත් ඉන්දියාවේ නවදිල්ලි නගරයේද  මේ වන විට සංචරණ සීමාවන් පනවා ඇතැයි පෙන්වා දෙන වෛද්‍යවරයා   මුලදී මෙම වයිරසයේ භයානක තත්ත්වයක් පෙන්නුම් නොකලද මේ වන විට රෝහල් ගතවීම සහ මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බවද සදහන් කළේය.

Exit mobile version