උත්සව සමයේ අධික ජන රාශීවීම් සමග රට පුරා ඔමික්‍රොන් ව්‍යාප්තිය පිළිබඳ හඳුනා ගැනීමට විශේෂ පර්යේෂණයක් හෙට සිට ආරම්භවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලය පවසයි.
එහි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ අධ්‍යක් ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සාම්පල 96ක් රැස්කගෙන ඇති බවය.
එමෙන්ම කොවිඩ් වෛරස ප්‍රභේදයේ වෙනස් වීම් සිදුවී ඇතිදැයි සෙවීමත් මෙම පර්යේෂණයේ අරමුණක් බව ආචාර්ය ජීවන්දර පවසයි.
මේ වනවිට කොවිඩ් ඔමික්‍රොන් පැතිරීම හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊයේ සිට රාත්‍රී 11 සිට පසුදා අලුයම 05 දක්වා ඇඳිරිනීතිය ප්‍රකාශ කර තිබේ.