“ඔබ ඔබේ බදු ගෙවන්න…“ ධම්මික පෙරෙරාගේ නිවස අසලට අරගලකරුවෝ යති!

බැසිල් රාජපක්ෂ වෙනුවට පාර්ලිමේන්තුවට පත්වී එන ධම්මික  පෙරේරාගේ නිවස ඉදිරිපිට අද (12)  උදේ අරගකරුවන්  පිරිසක් පැමිණ   සාමකාමී විරෝධතාවයක් පැවැත්වූහ.

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට පැරණි රුසියානු තානාපති කාර්යාලය පිහිටි  භූමියේ අභිනවයෙන් ඉදිවුණ ධම්මික පෙරේරාගේ  සුවිසල් නිවස අභියස අරගල කරුවෝ සිය විරෝධතාවය පවත්වමින් කීවේ ඔවුන්ගේ අනාගතය සමග සූදු කෙළින්නට ලංකාව කැසිනෝහලක් නොවන බවය.

“කැසිනො රජා අපට එපා – කුණු ධම්මික අපට එපා“,

“කැසිනෝ රජා පාර්ලිමේන්තුවේ ද?“


“කුණු ගෙනාපු ධම්මිකයා – රටට කෙළපු පණ්ඩිතයා,“

“ඔබ ඔබේ බදු ගෙවන්න ,“

“ශ්‍රී ලංකාව කැසිනෝ සූදුපලක් නොවේ,  අපේ අනාගතය සමග සූදු නොකෙලින්න“ යන අදහස් සහිත විරෝධතා පුවරු සහිතව මෙම  විරෝධතාකරුවො විරෝධතාවයෙහි නිරත වෙමින් සිටියහ.

විරෝධතා කරුවෝ මෙසේත් කීහ.

“ ගොඨා ගෝඨා ඔයා ෆේල්  හොරා කාලා රටම ‍ෆේල්“

“ ධම්මිකට අපි බය නෑ – රතුපස්වල අමතක නෑ“

පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු පිරිස් සාමකාමීව විසිර ගියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version