ඔන්ලයින් ගිය කෝප් කමිටුව කැලණි ගඟට බසී

කැලණි ගගේ ජල දූෂණය සම්බන්ධයෙන් වන විගණන වාර්තාව කෝප් කමිටුවේදී ඊයේ (26) සාකච්ඡා කරන ලද්දේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව ප්‍රථම වරට ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් ( Zoom ) පැවැත්වූ රැස්වීමේ දීය.

අමාත්‍යාංශ 03ක ලේකම්වරුන් ඔන්ලයින් කෝප් කමිටු සාකච්ඡාව සඳහා සහභාගි විය.

කෝප් කමි‍ටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) දහවල් ආරම්භවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා සහ රාජ්‍ය සේවා ,පළාත් සභා සහ පළාත් පාළන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා මෙලෙස ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.


කිසිදු හෝ තාක්ෂණික දෝෂයකින් තොරව සභාපති චරිත හේරත් මහතා ඇතුළු මැති ඇමතිවරු අමාත්‍යාංශ ලේකම්වරු සහ අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සමග සංවාදය පැවැත්වූහ.

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් ශාලා දෙකක ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් රැස්වීම් හා සාක්ච්ඡා පැවැත්වීමට අවශ්‍ය පහසුකම් යොදා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ නිලධාරීන් මාස ගණනාවක් තිසසේ මෙම තාක්ෂණික මෙවලම් ස්ථාපනය කිරීමට වෙහෙස වූ බවත් එම උත්සාහයන් මේවන විට සාර්ථක වී ඇති බැවින් ඉදිරියේදී පාර්ලිමේන්තු රැස්වීම් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවත්විය හැකි බවත් මහලේකම්වරයා සදහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙයට දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබද කාරක සභාව ඔන්ලයින් තාක්ෂණය යොදා ගනිමින් උගන්ඩාවේ රැදී සිටි කෙන්යාවේ නව ශ්‍රී ලාංකා තානාපතිවරයා සමග සාකච්ඡා පැවත්විය.

Exit mobile version