ඔටෝ එක්ස්පෝ (Auto Expo) 2024 මෝටර් රථ තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 01,02 හා 03 මහනුවර සහස් උයනේ දි!

එලීට් වෙන්චර්ස් (Elite Ventures) ආයතනය මගින් සංවිධානය කරනු ලබන ඔටෝ එක්ස්පෝ (Auto Expo) 2024 මෝටර් රථ තාක්ෂණික හා වෙළෙඳ ප්‍රදර්ශනය මාර්තු මස 01,02 හා 03 යන දිනවල මහනුවර සහස් උයනේ දී   පැවැත්වෙයි.

ඔටෝ එක්ස්පෝ ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහනක් පසුගියදා මහනුවර සහස් උයනේ දී පැවැති අතර එහි දී කරුණු දක්වමින් එලීට් වෙන්චර්ස් ආයතනයේ  ජාලිය රාජගුරු  අදහස් දක්වමින් මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මෙහෙයුම් කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද වාහන මෙන්ම 1940 සිට 1970 දක්වා මෙරට භාවිත කළ මෝටර් රථ හා යතුරු පැදි එක් කරන බව පැවසුවේය.

පැරණි හා නවීන වාහන වලට අදාළ තාක්ෂණික දැනුම ඇතුළු ඕනෑම කාරණයක් සම්බන්ධව දැනුම අලුත් කරගත හැකි  විශේෂ වැඩසටහන් මෙහි දී ක්‍රියාත්මක බව එලීට් වෙන්චර්ස් ආයතනයේ දිමුතු බණ්ඩාර   ප්‍රකාශ කළේය.

තරුණ හා ළමා පරපුර ලංකාවේ පෞද්ගලික හා පොදු ප්‍රවාහන සඳහා යොදාගත් වාහන වල තාක්ෂණය සම්බන්ධවත් පැරණි වාහනයක් ධාවන තත්ත්වයෙන් පවත්වා ගෙන යෑමට අවශ්‍යය නඩත්තු කටයුතු සිදු කරන ආකාරය පිළිබඳවත් මෙහි දී ග්‍රෑන්ඩ් කාර් ක්ලබ් මගින් ලබා දීමට නියමිත බව එහි සභාපති වසන්ත සමරසිංහ   කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා කාර්මික දෙපාර්තුමේන්තුව,අරුප්පල වෘත්තිය පුහුණු අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් සිසුන් සඳහා පුහුණුව ලබා දීමට උපයෝගි කර ගන්නා පැරණි වාහන ප්‍රදර්ශනයට එක් කිරීමට නියමිතය.

 

 

Exit mobile version