ඔක්සි මීටරවලට උපරිම සිල්ලර මිලක් නියම වේ…

ඔක්සි මීටර සදහා වන උපරිම සිල්ලර මිල රුපියල් තුන්දහසක් කිරීමට ඖෂධ නිෂ්පාදන සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

මේ සදහා වන ගැසට් පත්‍රය ඉදිරියේදි නිකුත් කිරීමට නියමිත අතර ඔක්සිමීටර ගෙන්වීම සඳහා ලියාපදිංචි සැපයුම් කරුවන් හා අදාල සන්නාම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට දැනුම් දීමට නියමිතය.

වෙළෙඳ පොළේ අළෙවිය සඳහා තිබූ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ප්‍රමිතියෙන් තොර ඔක්සි මීටර පන්දහස් දෙසියක් පසුගිය දෙමසක කාලය තුළ අත්අඩංගුවට ගෙන අධිකරණ කටයුතු සඳහා යොමුකර තිබෙන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරිය කල දැනුම් දිම මත ඊට උපරිම සිල්ලර මිලක් නියම කිරිමට රජ්‍ය අමාත්‍ය මහාචාර්යය චන්න ජයසුමන පියවර ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති ඔක්සිජන් මට්ටම මැනීමට උපයෝගි කරගන්නා මෙම උපකරණ වලට කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අධික ඉල්ලුමක් ඇති වීමත් සමඟ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන වෙළෙඳ පොළට පැමිණ තිබෙන බවට ඖෂධ නියාමන අධිකාරිය මගින් අදාළ වැටලීම් සිදුකල බවත් අඛණ්ඩව සිදුකළ වැටලීම් මගින් ඖෂධ අළෙවි සැල් වල විකිණීමට තිබූ තවත් ඔක්සි මීටර 1700 ක් අත්අඩංගුවට ගත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක සහ නීති ක්‍රියාත්මක කිරීමේ අංශයේ අංශ ප්‍රධානි අමිත් පෙරේරා මහතා පවසයි.

Exit mobile version