අනපේක්ෂිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමග සමහර ස්ථානවල තාවකාලික ඔක්සිජන් හිඟයක් ඇති වූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේය.
අනවශ්‍ය ලෙස ද්‍රව්‍ය ගබඩාකිරීමක් සිදුනොවන නිසා අනපේක්ෂිත රෝගීන් ඉහළ යෑමක දී වෙනත් ස්ථානයකින් ඔක්සිජන් ගෙන්වා ගන්නා තෙක් පමණක් එම තාවකාලික තත්වය ඇති වූ බව ඔහු පෙන්වා දුන්නේය.
“ එය කිසිසේත්ම සම්පූර්ණ ධාරිතාව ඉක්මවා යෑමක් නොවෙයි.“ ඔහු පැහැදිලි කළේය.
ඊයේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 63ක් වාර්තා කළේය.
ඒ අනුව මේ රටින් නිල වශයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත මරණ ප්‍රමාණය 4258ක් දක්වා ඉහළ ගියේය.