ඒ ඒ රටවලට අවශ්‍ය කොවිඩ් එන්නත විදෙස් ශ්‍රමිකයන්ට ලබා දීමේ වැඩපිළිවෙළක්…

විදේශීය රටවල් වෙත ගමන් කරන  පුද්ගලයින්ට ඒ ඒ රටවල් වෙත ඇතුලු වීමේදී  ලබා ගත යුතු විශේෂිත වූ එන්නතක් නම් කර ඇත්නම් ඒ පිලිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව දැනුත් කිරීමෙන් අනරතුරුව අදාල එන්නත ලබා ගැනීමේ හැකියාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

එක් එක් රටවල් වෙත ඇතුළු වීමේදී ඒ ඒ රටවල් පිලිගන්නා එන්නත කුමක්ද යන්න පිලිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත වාර්තා කරන අතර ඒ අනුව එම රටවල් වෙත යන පුද්ගයින්ට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ  අනුමැතිය මත එන්නත ලබා ගත හැකි යැයි වෛද්‍ය හේමන්ත කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැකියාවන් සඳහා පිටත්ව යන පුද්ගලයින්ට අදාල රටට අවශ්‍ය ඇතුළු වීමට අවශ්‍ය වන එන්නත  විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබා දීමේ වැඩපිළිවෙළක්ද මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම පෙන්වාදේ. 


Exit mobile version