එළියට බහින්න වෙලාව හරි…  මිනිස්සු නිදි නම් ඔළු මාරු කරලා වැඩක් නෑ – රාජාංගනේ සද්ධාතිස්ස හිමි…

හොරු රැළක් පාලනය කරන රටක කුඩු කාරයන් මංකොල්ල කරුවන් මිනීමරු අපරාධකරුවන් ජනාධිපති සමාවෙන් නිදහස් වෙද්දී යුක්තිය සාධාරණය වෙනුවෙන් කතා කළ රන්ජන් රාමනායක වසරකට වැඩි කාලයක් සිරගත කිර තිබීම අපරාධයක් බව රජයට කියමින් අද (28) වැලිකඩ බන්ධනාගාරය අසල උද්ඝෝෂණයක් පැවැත්විනි.

එම උද්ඝෝෂණයට එක් වී සිටි රාජාංගනයේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින්  පැවසුවේ රන්ජන් රාමනායක නිදහස් වනවාට පක්ෂ විපක්ෂ දූෂිත දේශපාලකයන් සියලු දෙනාම අකමැති බවය.

“රන්ජන් රාමානයක කියන මානව හිතවාදී   මිනිසා සිරගත කරලා අවුරුද්දකට වඩා වැඩියි  දැන්.  උසාවියකට අධිකරණයට  අපහාස කළ වරදට තමයි ඒ මනුස්සයා හිරගත කළේ.“

“හරි. වරදක් කළා. ඒකට දඬුවම් විඳින්න ඕන. හැබැයි  මේ රටේ අධිකරණයෙන් දඬුවම් ලබාපු මිනීමරුවො කුඩු කුඩ්ඩො ජනාධිපති සමාව යටතේ නිදහස ලබනවා. “


“රටේම කලාකරුවො  උගත්තු වියත්තු, ගමේ ඉන්න අන්ත අසරණ ගැමියාගෙ සිට ඉහළ මාලයට යනකම්  මිනිස්සු   පක්ෂ පාට භේදයකින් තොරව මේ මිනිහට නිදහස දීපල්ලා කියලා ඉල්ලුවට රාජපක්ෂලාට ඒ ඉල්ලීමට කන් දෙන්නෙ නෑ. “

මේ රට දූෂිතයන්ගෙන් පිරිච්ච  පල් හොරු දෙසීය ගණනක් විසින්  පාලනය කරන රටක් බව කී උන්වහන්සේ පාතාලය හසුරුවන්නේත් දේශපාලනය බව කීහ.    රාජපක්ෂලාට  ලක්ෂ හැට නවයක් චන්දය දුන්නේ වෛර පිරිමහන්නට නොව  මේ රට දියුණු කරන්න යැයි සද්ධාතිස්ස හිමියෝ කීහ.

මේ රට විනාශ කරන දේශපාලකයන්ටත්, ඔවුන්ට කත් අදින පූජකයන්ට සහ හාමුදුරුවරුන්ටත් යන්නට තැන් ඇති බව කී හිමියන් පෙන්වා දුන්නේ මේ රටේ මැරෙන්නට වෙන්නේ අපේ දරුපැටවුන්ට සහ අපට බවය.

මිනිස්සු නිදාගෙන සිටිනවා නම් මොන ඔළු මාරු කළත් වැඩක් නැති බව කී උන්වහන්සේ මිනිස්සුන්ට පාරට බහින්න දැන් වෙලාව හරි බව කීහ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම කතාව පහත දැක්වේ…

Exit mobile version