එස්.ටී.එෆ් නිලධාරීන්ට පහර දුන් වැලි ජාවාරම්කරුවන් තිදෙනෙක් අත්අඩංගුවට…

Arrested

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ අරියාලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හතර දෙනෙකුට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් තුන් දෙනෙකු යාපනය පොලීසිය විසින් 6 දා අත් අඩංගුවට ගෙන තිබේ.

අනවසරයෙන් වැලි ගොඩ දමන ජාවාරම්කරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී එම ජාවාරම්කරුවන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමග බහින් බස් වීමක ඇති කරගෙන පසුව උදලු හා සවල් වලින් නිලධාරීන්ට පහර දී පලා ගොස් තිබුණි.

මේ සිද්ධියට සම්බන්ධ තවත් පස් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර යාපනය පොලීසිය ඔවුන්ද අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version