එල්.පී.එල් තරගාවලියේ කිසිම කණ්ඩායමක් විසින් මිලදී නොගෙන ඉවතට විසි කර විශිෂ්ඨ ප්රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා එළඹෙන තරගාවලිය සඳහා දඹුල්ල සික්සර්ස් සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබේ.
සූදු කාරයෙක් විසින් මිලදීගෙන තිබිය දී හිමි කරු අත් අඩංගුවට පත් වූ පසු දඹුල්ල සික්සර්ස් නමින් වෙනස් වුන දඹුළු කණ්ඩායමට එක් කරගැනීමට එම කණ්ඩායමේ කළමනාකාරිත්වය විසින් තීරණය කර ඇත.
නව හිමිකාරිත්වය යටතේ දඹුල්ල ෆ්‍රැන්චයිස් මෙම වාරයේ තරඟාවලියේ ප්‍රබල දස්කම් දැක්වීමේ අරමුණින් ඔවුන්ගේ පෙළගැස්මෙහි සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇත. කුසල් ජනිත් පෙරේරා ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසය සහ ඔහුගේ කණ්ඩායමට වාසිදායක ලෙස තරඟ හරවා ගැනීමේ හැකියාව සඳහා ලෝක සම්භාවනාවට පාත්‍ර වූ ක්‍රිඩකයෙකි.
දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ ප්‍රකාශකයෙකු පැවසුවේ “කුසල් සංචිතයට පැමිණීම ගැන අතිශය සතුටට පත්වන බවය. “ඔහුගේ අත්දැකීම් සහ වෙඩි පුපුරන්නාක් සේ කෙරෙන පිතිහරඹය මෙම වාරයේදී කණ්ඩායමේ ගමන් මග තීරණාත්මකව වෙනස් කරනු ඇති ” ප්‍රකාශකයා කීවේය.
මීට අමතරව දඹුල්ල සික්සර්ස් තවත් ප්‍රධාන වෙනසක් නිවේදනය කර ඇත. ඒ ජනප්‍රිය ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමය. විශිෂ්ට ක්‍රිකට් ජීවිතයක් ගත කළ රංගන හේරත් ජාත්‍යාන්තර තලයේ පුහුණු කරුවෙක් ලෙස අත්දැකීම් ලැබුවෙකි. කණ්ඩායමට දැනුම හා අත්දැකීම් සම්භාරයක් ඔහු විසින් රැගෙන එනු ඇතැයි කන්ඩායම විශ්වාසය පල කරයි.