එරන්ද වැලිඅංගේ නිසා කරූ ජයසූරියටත් විනය කමිටුවක් ඉදිරියට යන්න වෙයි

Karu Jayasuriya

පසුගිය මහ මැතිවරණයේදී වෙනත් දේශපාලන පක්ෂයක අපෙක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ කටයුතු කිරීම හේතුවෙන් හිටපු කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත. විනය පරීක්ෂණ පවත්වන දිනය සහ වේලාව සඳහන් කරමින් ඊට අදාළ ඉදිරි දින කිහිපය තුළදී ජයසූරිය මහතා වෙත ලිපියක් යවන බව එ.ජා.පයේ ජ්‍යෙෂ්ඨයෙක් ලංකාසරට පැවසීය.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහමැතිවරණයට තරග කළ එරන්ද වැලිඅංගේ මහතාට ඡන්දය ලබා දෙන ලෙස පවසමින් ප්‍රචාරය වූ වීඩියෝවක්ට කරු ජයසූරිය මහතා ප්‍රකාශයක් ලබා දීම මෙම ගැටලුව ඇති කිරීමට හේතු වී ඇත. එම වීඩියෝව මේ වනවිට පක්ෂය වෙත ලැබී ඇති අතර පක්ෂ නීති රීති අනුව එහි සාමාජිකයකුට වෙනත් පක්ෂකය අපේක්ෂකයකු ප්‍රවර්ධනය කළ නොහැකි බවද මෙම ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය. පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ඊයේ (19) එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී ඔහුට නායකත්වයෙන් ඉවත්ව කරු ජයසූරිය මහතාට නායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊට විරෝධය පළ කළ තවත් හිමිවරුන් පිරිසක් මෙම මතභේදාත්මක වීඩියෝවද රැගෙන එය පෙන්වා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉලලා ඇත්තේ එවැනි පුද්ගලයකුයට නායකත්වය ලබා නොදෙන ලෙසය.


Exit mobile version