ප්රියන්ත කුමාර දියවඩන ඝාතනය කිසිසේත් සුළු සිද්ධියක් සේ සැලකිය හැකි නොහැකි නමුත් එය රට, ආගම හෝ ජාතිය ඉලක්ක කරගෙන එල්ලකළ ප්රහාරයක් නොවන බව සහතියැයි ද, මෙය හුදකලා සිද්ධියක් යැයි ද පකිස්තානයේ ශ්රී ලංකා මහකොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්රම පවසා ඇත.
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ පකිස්ථානු රජයේ නායකයින් පිරිසක් පකිස්ථානයේ ශ්රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට පැමිණ සිද්ධිය සම්බන්ධව ශෝකය පල කළ අවස්ථාවේ දීය.
එහිදී මහකොමසාරිස්වරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව පකිස්ථාන බලධාරීන් දැක්වූ ප්රතිචාරය පිළිබඳව තෘප්තිමත් විය හැකි බවය.
මේ සිද්ධියෙන් දෙරට අතර මිතුරු සබඳතාවලට බලපෑමක් සිදුනොවන බවත් ඔහු අවධාරණය කර ඇත.
ප්රියන්ත කුමාරගේ පවුලේ අයට පකිස්ථානයෙන් වන්දියක් ලබාදීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් පවතින අතර යුක්තිය ඉටුවන ආකාරයෙන් පකිස්ථානු රජය මෙම සිද්ධිය සම්බන්ධව කටයුතු කරනු ඇතැයි මහකොමසාරිස්වරයා විශ්වාසය පළ කර ඇත.