සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එය ඉනිමක් නොවෙයි… නායෙ යෑමක්… ඕවර් 55ක දී ලකුණු 196කට දැවී ගිය විට කවර කතා ද?

තරගය බේරා ගන්න ශ්‍රි ලංකාවට ආශ්චර්යයක් අවශ්‍යයයි...

by editor
අගෝස්තු 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය ඛේදවාචකයකි. ඕවර 55.3ක් තුළ ශ්‍රි ලංකා කණ්ඩායම සියල්ලන්ම ලකුණු 196කට දැවී ගොස් ඇත. අප දෙවැනි ඉනිම ආරම්භ කරන්නේ ලකුනු 231ක් පසුපසිනි. දෙවැනි ඉනිම ආරම්භ කළ එංගලන්ත කණඩායම ලකුණු 25කට කඩුල්ලක් දැවි ගොස්ය. දැන් ඔවුන් ලකුණු 256ක් ඉදිරියෙනි.

කමිඳු මෙන්ඩිස්

ශ්‍රි ලංකා කණ්ඩායම සොයාගත් හිස නමා ආචාර කළ යුතු විශිෂ්ඨයා කමිඳු මෙන්ඩිස් දැයි සිතමි. කමිඳු අද සිය මුල් ඉනිමේ ලොඩ්ස් පිටියේ දී කණ්ඩායමේ එකම අර්ධ ශතකය වාර්තා කළේය. මහා නායෙ යෑමක් අභියස ඔහු හුදකලා සටනක නිරත වුනේය.

ඔහු මේ වනවිට කමිඳු ටෙස්ට් ඉනිම 8ක් ක්‍රීඩා කර ඇත. ඒ ඉනිම 8 තුළ ඔහු ශතක 03ක් අර්ධ ශතක 03ක් ලබාගෙන ය. ලෝඩ්ස් පිටියේ පොළොව පලාගෙන අන්ත අගාධයක වැටෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තනි අතින් අල්ලාගෙන කමිඳු යන්නට උත්සාහ කළ ගමන බිඳවැටීම දැක දැක අත් නොහරින ක්‍රීඩකයෙක් සතු විරල පෞරුෂය පිළිබඳ කතාවක් විය.

එහෙත් කමිඳුගේ තනි සටහන අපතේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩ ඒමට අපහසු තරමේ බිහිසුණු අර්බුදයක බව පෙනෙමින් ඇත්තේය.

කමිඳු… හුදකලා සටනක….



අද තරගය

අද තරගය ආරම්භ වන්නේ එංගලන්ත කණ්ඩායම කඩුළු 07කට ලකුණු 358ක් ලබාගෙනය. ඊයේ ජෝ රූට් දියත් කළ විචිත්‍ර පිති ප්‍රහාරය ලෝඩ්ස් පිටිය වර්ණවත් කළේය. ජෝ රූට් පන්දු 203ක් මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමග ඊයේ ලකුනු 143 කේ ලැබුවේය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ශතකාවසානයක් පෙන්නමින් ඊයේ දිනයේ නොදැවී ක්‍රීඩා කරමින් ලකුණු 74ක් ලබාගෙන සිටි එංගලන්ත අංක 8 ක්‍රීඩක ගස් එට්කින්සන් පන්දු 115කට මුහුණ දෙමින් අද විශිෂ්ට ලකුණු 118ක් වාර්තා කළේය. එම ප්‍රහාය ප්‍රවේගකාරීය. ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 118 ට හතරේ පහර 14කි. හයේ පහර 4කි. ඔහු අද ලෝඩ්ස් පිටියේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිය අණසකට යටත් කරගත්තේය. ලොඩ්ස් පිටියේ දී ජාත්‍යාන්තර ටෙස්ට් තරගයක මංගල ශතකය වාර්තා කිරීම අන්ර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිහිනයකි. අද මේ යොවුන් ක්‍රීඩකයා එය යථාර්ථයක් කර ගත්තේය. 

එංලන්ත කණ්ඩායම 427 ලබා ගන්නේ රූට්ස් ගේ සහ එට්කින්සන්ගේ ශතක දෙකේ පදනම මතය. ඔවුන් දෙදෙනා පමණක් කණ්ඩායමට එක් කළ ලකුණු ප්‍රමාණය ලකුණු 261කි.

පළමු ඉනිමේ පන්දු යැවීමේ දී හොඳම පන්දු යැවීම අසිත ප්‍රනාන්දුගෙනි. අසිත ප්‍රනාන්දු ලකුණු 102කට කඩුළු 05කි. මිලාන් රත්නායක ලකුණු 89කට කඩුළු 02කි. ලහිරු කුමාර ලකුණු 101කට කඩුළු 02කි. ප්‍රභාත් ජයසූරිය ලකුණු 96කට කඩුල්ලකි.

ශ්‍රී ලංකා ඉනිම

.එය ඉනිමක් නොව නායෙ යෑමකි. එංගලන්ත වේග පන්දු යවන්නන්ගෙ දෝලනය සහ අධ්‍යයනයකින් යුතු ඉලක්ක සහගත පන්දු යැවීම ශ්‍රී ලංකා පිතිකරුවන් ක්‍රිකට් නුහුරු ළාමකයන්ගේ තලයට ඇද දමනු දුටුවෙමු.

බලාපොරොත්තු බිඳ වට්ටමින් යළිත් ඉදිරිපෙළ අසාර්ථකය. පළමු ඉනිමේ කියැවීමට අනුව කුසල් මෙන්ඩිස් බංකුවේ තබා පැතුම් නිශ්ශංක අංක තුනට රැගෙන ඒම බලාපොරොත්තු බිඳ ගැනීමකි. යළිත් නිශාන් මධුශ්ක මෙන්ම හිටපු නායක දිමුත් කරුණාරත්නත් අසාර්ථකය.

ලකුණු 427ක මුල් ඉනිමේ ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 196කට සියලු දෙනා දැවී ගොස්ය

ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක ලකුණු 07කි. දිමුත් කරුණාරත්න ලකුනු 07කි. ආදේශක අංක 3 පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 12කි.

ඈන්ජලෝ මැතිව්ස් සහ දිනේශ් චන්දිමාල් පමණක් විසි ගණන් රැස් කළේය. මැතිව්ස් ලකුණු 22කි. චන්දිමාල් ලකුණු 23කි. ධනංජය ද සිල්වා ලකුණු ලැබුවේ නැත. යළිත් කමිඳු සහ මිලාන් රත්නායක මත ශ්‍රි ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු රැඳුනේය. නමුත් මිලාන් ලකුණු 19කට දැවී ගියේය. ප්‍රභාත් ජයසූරිය ලකුණු 08කි.

සියලු දෙනා එංගලන්ත පන්දු යවන්නන් ඉදිරියේ බිඳවැටෙද්දී කමිඳු මෙන්ඩිස් පන්දු 120ක දී හතරේ පහර 08ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 74ක් රැස් කළේය.

ඉනිමක දී ලකුණුවලට වඩා සිය ජ්‍යෙෂ්ඨයා වෙනුවෙන් කඩුල්ල ආරක්ෂා කරගැනීම පිළිබඳ වටිනාම කතාව ලහිරු කුමාර අද පෙන්වා දුන්නේය. ඔහු ලකුණු ලැබුවේ නැත. පන්දු 22කට මුහුණ දුන්නේය. 56 වැනි ඕවරයේ අවසන් පන්දුවට ලකුණකට පැති මාරු කරගෙන සිය ජ්‍යෙෂ්ට සගයාට පිතිකරණ අවස්ථාව ලබා දීමට උත්සාහ කළ ලහිරු කුමාර ලකුණු නොලබා දැවි ගියේය. තමන් එක් අන්තයක රැඳී සිටි කාලය තුළ කමිදුට ලකුණු 42ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කරන්නට අවකාශය ලහිරු කුමාර විසින් සලසා දුන්නේය.
දසවන කඩුල්ල ලෙස කමිඳුගේ දැවී යෑමත් සමග ශ්‍රි ලංකා මුල් ඉනිම නිමා වූයේය.

එංගලන්ත පන්දු යැවීම

මුල් ඉනිමේ පන්දු යැවිමේ දි සියලුම එංගලන්ත පන්දු යවන්නන් සාර්ථකවීම පිළිබඳ විශේෂ සටහනක් තැබිය යුතුය. ක්‍රිස් වෝකර්ස් ලකුණු 21කට කඩුළු 02කි. ශතක ලාභී ගස් එට්කින්සන් ලකුණු 40ට කඩුළු 02කි. ඔලි ස්ටොන් ලකුණු 70ට කඩුළු 2කි. මැතිව් පොට්ස් ලකුණු 19ට කඩුළු 02කි. දඟපන්දු යවන ක්‍රීඩක ෂොයිබ් බෂිර් ලකුණු 21ට කඩුළු 2කි.

ලකුණු 231ක් ඉදිරියෙන් සිටින එංගලන්ත කණ්ඩායම දෙවැනි දිනයේ තුන්වැනි කාර්තුවේ අවසානයේ යළිත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළේය. එංගලන්ත අංක 2 පිතිකරු ඩෑන් ලෝරන්ස්ගේ කඩුල්ල ලහිරු කුමාර විසින් බිඳ දමා ඇත. එංගලන්ත කණ්ඩායම ලකුණු 25කට කඩුල්ලකි. බෙන් ඩකට් ලකුණු 15ක් සහ නායක ඔලේ පිලිප් ලකුණු 2ක් සහිතව කඩුල්ලේය. තරගය දිවෙන්නේ පරාජයේ සලකුණු ශ්‍රී ලංකාව මත කොටමිනි.

තව දිනක් ඉතිරිව තිබේ. කමිඳු මෙන් අපිත් අත් නොහැර  බලා හිඳිමු.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අනුරට දීලා අපට ඇරලා යන්න කටුනායක පැත්තේ එන්න එපා යැයි විදෙස්ගත ලාංකිකයන්ට කී රාජිතට එරෙහිව මාලිමාවෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Next Post

අයියෝ ක්‍රිකට්… තේරීම් කමිටුව තේරූ 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා සංචිතයේ 15 දෙනා 16ක් කරවා ඩිල්ෂාන් තම දුව ඇතුළට ගනී!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.