එන්නත් හොරකම ගැන පුද්ගලයින් 15ක ගේ ප්‍රකාශ සටහන් කරගනී…

ලලිත් චාමින්ද –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ රුපියල් 90000ක් පමණ වටිනා එන්නත් කුප්පි 30 ක් සොරකම් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන්කරගෙන ඇති බැව් හබරාදුව පොලීසිය පවසයි.

පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය, රියදුරු, සුළුසේවකයකු ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇති බවද පොලිසිය පවසයි. මෙකී එන්නත් සොරකම පිළිබඳ පුළුල් විමර්ශනයක් පැති කිහිපයක් ඔස්සේ ආරම්භකොට ඇති බවද පොලිසිය පවසයි.

අහංගම රෝහණ විද්‍යාලයේ පැවති එන්නත්කරණයෙන් පසු චිනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් 178ක් ඉතිරිවි තිබි ඇත. කෙසේවුවද ඉතිරි එන්නත් තොගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත රැගෙන එනවිට ඉන් එන්නත් කුප්පි 30ක් පමණ අඩුවි ඇති බැව් පොලිසිය පවසයි.

මෙකී එන්නත් සොරකම පිළිබඳ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් හබරාදුව පොලිසියට කරනු ලැබු පැමිණිල්ලක් මත හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත උදයකුමාර මහතාගේ මෙහෙයවිම මත මේ පිළිබද පුළුල්විමර්ශනයක් ආරම්භකොට ඇත.

Exit mobile version