එන්නත් මාත්‍රා ලක්ෂ 5ක චීන තෑග්ග සෞඛ්‍ය ඇමතිනියට බාරදෙයි…

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන්ශ් ගුවන්තොටුපලේ දී එන්නත් තොගය සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත නිල වශයෙන් භාරදුන් අවස්ථාව

කීර්ති ප්‍රනාන්දු –

චීනය විසින් රෙටට පරිත්‍යාග කරන ලද සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් අද අළුයම ශ්‍රී ලංකන් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන එනු ලැබීය.

චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ ගුවන් යානය අද ( 26) අළුයම 12.20ට  කටුනායක ගුවන්තොටුපලට පැමිණියේය.

චීන රජය මගින් ශ්‍රී ලංකාවට පරිත්‍යාගකල දෙවන එන්නත් තොගය මෙයය.  මීට පෙර ඉකුත් මාර්තා මස 31 දා චීන රජය එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට පරිත්‍යාග කළේය.


China- vaccine
එන්නත් තොගය සහිත යානය අද අලුයම පැමිණි අවස්ථාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හුන්ශ් ගුවන්තොටුපලේ දී එන්නත් තොගය සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය. අමාත්‍යවරුන්වන  නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, මහාචාර්ය චන්න ජයසුමන, ප්‍රසන්න රණතුංග අතුළු පරිසක් ගුවන්තොටුපලට පැමිණ සිටියහ.

Exit mobile version