එන්නත් දී පාසල් අරින හැටි පාදෙණිය කියයි…

ලබන මස ලැබෙන මිලියන 4ක ෆයිසර් එන්නත් පාසල් සිසුන් සඳහාම දෙන්න ජනපති එකඟ වුනාලු....

Padeniya

පාසැල් විවෘත කිරීමට ප්‍රථම ගුරුවරුන්, අනධ්‍යන කාර්ය මණ්ඩල, පාසල් ප්‍රවාහන සේවාව පවත්වාගෙන යන පුද්ගලයින්, ආපනශාලාවට සම්බන්ධ පිරිස්  ඇතුළු අධ්‍යාපන පරිපාලනයටසම්බන්ධ වයස අවුරුදු 20ට වැඩි පිරිස් මේ වන විට එන්නත් ලබා ගෙනෙ නොමැති නම් වහාම එන්නත් ලබා ගන්නා ලෙසත් යමෙකුට තම ප්‍රදේශයෙන් එන්නත ලබා ගැනීමට නොහැකි නම් වංසගත රෝග විද්‍යා අංශය වහාම දැනුවත්  කරන්නැයි   පාසල් නැවත විවෘත කිරීමේ තාක්ෂණික කමිටුව ජනතාවට දැනුම් දීමට පියවර ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

ළමුන් එන්නත්කරණය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය අමාත්‍යංශය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සැදුම්ලත් තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර එහි ප්‍රධානියා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යැයි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය  සඳහන් කරයි.

මෙම කමිටු වාර්තාවට අනුව පාසල් ළමුන් එන්නත්කරණයට ලක්කිරිම, හා පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශයන් ඇතුළත් වාර්තාව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ලබන 17 වෙනිදා භාරදීමට නියමිත බව වෛද්‍ය පාදෙනිය  පැවසීය.


මෙහිදී විවිධ රෝගතත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා මුලින්ම එන්නත ලබා දීමට කටයූතු කරන අතර අනතුරුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් වෙනුවෙන් එන්නත ලබා දීමට කමිටු වාර්තාවේ නිර්දේශයන් ඉදිරිපත් කර ඇතැයිද පැවසේ.

දරුවන්ට එන්නත් ලබා දීමේදී වෛද්‍ය අධීක්ෂණය යටතේම පමණක් සිදුකළ යුතු බව කමිටුවාර්තාවේ ඉතා ගැඹුරින්ම සඳහන් කර ඇතැයිද පැවසේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් ළමුන් සදහා ෆයිසර් එන්නත පමණක් භාවිත කළ යුතුව ඇති බවත් මිලියන 4ක එන්නත් ප්‍රමාණයක් ලබන මස ලැබිමට නියමිත බැවින් එම මිලියන 4 ම දරුවන්ට ලබා දිය යුතු  එන්නත් මාත්‍රා  2ක සඳහාම වෙන්කිරීමට ජනාධිපතිවරයා එකඟ වී ඇතැයි ද සඳහන්වේ.

Exit mobile version