එන්නත්වලට වලංගු නැති ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය තිබේදැයි සොයන්න ජාන පරීක්ෂණ අරඹයි…

Covid-Lamda

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලැම්ඩා වයිරස් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වන්නේද පිලිබඳව ජාන පරික්ෂාවන් මේ වන විට ආරම්භ කර ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කරයි.

දිවයිනපුරා ප්‍රදේශ ගණනාවකින් ලබා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ නියැදි පරික්ෂාව මේ වන විට ලක්කර ඇති බැවින් එයි ප්‍රතිපල ලැබෙන අනුපිළිවෙළට එම වාර්තාවන් සෞඛ්‍ය අමාත්‍යංශයට භාර දීමට කටයූතු කරන බවද ආචාර්ය ජීවන්දර කියයි.

කෙසේ නමුත් ලැම්ඩා වයිරස් ප්‍රභේදය මෙරටට ඇතුළුවන මාර්ග සියල්ල අහුරා ඇති නමුත් මිනිසුන්ගේ හැසිරීම මත එම මාර්ගයන් බිඳවැටිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කරයි.

Exit mobile version