එන්නත්කරණයේ දී ප්‍රාදේශීය දේශපාලන බලපෑම් නවත්වා දෙන්න..

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනපතිගෙන් ඉල්ලයි.. මෙහෙම වුනොත් සෞඛ්‍යය සේවකයින් එන්නත්කරණයෙන් ඉවත් වේවි...

Vaccine

People wait to enter a Covid-19 vaccination center in Mumbai, on April 27.

ලලිත් චාමින්ද

දිවයිනේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඇතැම් ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපෑම් එල්ලවන බවත් එය නතර කරදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කේ.එච්.ජී.ජීවරත්න පවසයි.

කොවිඩ් එන්නත්කරණ කටයුතු සිදුකරන මධ්‍යස්ථාන සඳහා ප්‍රාදේශිය දේශපාලනඥයින් සම්බන්ධවීම වහාම නතර කිරීමට කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කරයි. කොවිඩ් එන්නත්කරණයේ දී ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් එල්ලවන බලපෑම් නතර කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පවසයි. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හෙද හෙදියන් හා අනිකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩල කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහනින් ඉවත්වීමේ සුදානමක් පවතින බව ද ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කියයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍යවරයා මෙසේද කිවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“කොවිඩ් එන්නත්කරණ වැඩසටහන පිළිබඳ තින්දු තිරණ ගන්නේ සෞඛ්‍ය අංශ මගින්. නමුත් මේ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයින්ගෙන් විවිධ බලපෑම් එල්ලවෙනවා. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍යවරු හා සෞඛ්‍ය කාර්යමණ්ඩල පාලනය කිරීමට මට බැරිවෙනවා. කොවිඩ් එන්නත් කිරීමේ දී ප්‍රාදේශීය දේශපාලනඥයින් කරන බලපෑම වහා නතර කළ යුතුයි. මෙම තත්වය දිගින් දිගටම පැවතුනහොත් වෛද්‍ය වරුන්ගේ හෙද හෙදියන්ගේ වෘත්තිය සමිති ‍ අපිට දන්වා තියෙනවා කොවිඩ් එන්නත් කරණ කටයුතුවලින් ඉවත් වෙනවා කියලා.“ ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කීවේය.

Exit mobile version