එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු රෙකෝඩරය සීඅයිඩියට දිමට යයි!

ගිනි ගැනීමෙන් පසු මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වී ඇති දත්ත රෙකෝඩරය (Voyage Data Recorder) උපකරණය නාවික හමුදාව යොදාවා ගලවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට පියවර ගන්නා බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා අද (06) පැවසීය.
නැවේ සිදුවන සියලුම සන්නිවේදන තොරතුරු ගුවන් යානයේ කළු පෙට්ටියේ මෙන් මෙම රෙකෝඩරයේ සටහන් කෙරෙන බවත් එය නැව සම්බන්ධයෙන් දැනට සිදු කෙරෙන විමර්ශෂණ සඳහා භාවිත කිරීමට මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දිමට බලාපොරොත්තු වන බව හෙතෙම අනාවරණය කළේ අද ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකදීය. 2002 වසරේ ජූලි මස 01 වැනිදා සිට ගුවන් යානයක පවතින කළු පෙටටියට සමාන දත්ත පටිගතකරණ රෙකෝඩරයක් ටොන් 3000කට වැඩි සෑම නැවකටම ස්ථාපනය කළ යුතු බවට ජාත්‍යන්තර නාවික සංවිධානය (International Maritime Organization) විසින් තිරණය කරන ලද අතර එහි අරමුණ වී ඇත්තේ හදිසි අනතුරක් හෝ ආපදා තත්ත්වයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා ලබා ගැනිම පහසු කිරීමය.
මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ නැවේ හිමිකාර සමාගමත් ගලවා ගැනීමේ මෙහෙයුම් බාරගෙන ඇති සමාගම සහ රක්ෂණ සමාගම් සමඟ එක්ව නැව හේතුවෙන් සිදුව ඇති හානි වෙනුවෙන් අදාළ වන්දි ලබා ගැනීම සහ නැව සම්බන්ධයෙන් ඉදිරියේදි අනුගමනය කළ යුතු පියවර පිළිබඳව කටයුතු යෙදෙමින් පවතින බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී අදහස් දැක්වූ කොළඹ වරායේ නෞකාධිපති කපිතාන් නිර්මාල්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙම නැව කොළඹ වරායට නැංගුරම් ලෑමට පෙර එහි රසායන ද්‍රව්‍ය කාන්දුවක් පිළිබඳව කිසිද දැනුවත් කිරිමක් සිදු නොකළ බවය. එහෙත් ඔවුන් නැගුරම්ලෑමෙන් පසුව මේ පිළිබඳව දැන්වූ බවත් එවැනි සිදුවීම් කොළඹ වරායේ මෙහෙයුම්වලදි සුලබව සිදුවන දෙයක් වන අතර ඊට අදාල පහසුකම් සැලසීමට කටයුතු යෙදෙමින් සිටින අතරේ මෙම නැව ගින්නට හසුවූ බවත්ය. තමන් අද පෙරවරුවේද මෙම ප්‍රදේශයේ නිරීක්ෂණය කළ අතර මේ වන තෙක් කිසිදු තෙල් කාන්දුවක ලක්ෂණ නොමැති වුවද සමුද්‍ර දූෂණ වැළැක්විමේ අධිකාරිය එවැනි තෙල් කාන්දුවක් සිදුවහොත් ඊට අවශ්‍ය ක්ෂණික ප්‍රතිචාර සඳහා මේ වනවිට සූදානමින් සිටින බවද සඳහන් කළේය.

VDR

Exit mobile version