එක්ස්ප්‍රස් පර්ල් නැව ගිලෙන්න පටන් අරන්

xpress pearl

කොළඹ වරායට නුදුරින් ගිනිගෙන නිවා දැමුණු MV X-Press pearl නෞකාව මේ වනවිට ගිලීමට පටන් ගෙන තිබේ.

මෙහි පවතින තෙල් තොගය මෙට්‍රික් ටොන් 300ක් පමණ වන බැවින් එය මුහුදට කාන්දු වීමේ අවදානම සම්බන්ධයෙන් අනතරු අගවා ඇත.

එසේ වුවහොත් එහි බලපෑම දික්ඕවිට ප්‍රදේශයේ සිට මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශ දක්වා විහිදෙනු ඇතැයි අනුමාන කෙරේ.


නැවේ පිටුපස කොටසේ ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් එමගින් හදිසි තෙල් විසිරීමක් සිදුවීමට ඉඩ ඇති බව නැව් පිටුපස කොටසෙහි ස්ථායීතාවය ගිලිහී යාම නිසා හදිසි තතත්වයක් මතුවූ බවට ශ්‍රි ලංකා සමුද්‍ර දූෂන මර්දන අධිකාරිය නිවේදනය කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ධීවර දෙපාර්තමේන්තුව මේ වනවිට අනතුරු අගවා ඇත්තේ මීගමුව කලපුවේ සිට පානදුර දක්වා මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු මුළුමනින්ම නැවත දැනුම් දෙන තෙක් නවතතා දමන ලෙසයි.

Exit mobile version