එක්ස්ප්‍රස් පර්ල් නැවේ ප්ලාස්ටික් සහ පොලිතීන් කන්ටේනර 87ක්! තොගය ටොන් 3000ට වැඩියි !

යූරියා කන්ටේනර් 88ක්!
කෝස්ටික් සෝඩා කන්ටේනර් 42ක්
ලිහිසි තෙල් වර්ග කන්ටේනර් 30ක්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහලුම් අතර සිහින් ප්ලාස්ටික් කැට ඇතුළු පොලිතින් සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය ටොන් දහසකට වැඩි ප්‍රමාණයක් ගබඩා කර තිබී ඇති බව අනාවරණය වේ.

ප්ලාස්ටික්, පොලිතීන් සහ පිවීසී නිෂ්පාදන සහ නිෂ්පාදන අමුද්‍රව්‍ය බහලුම් 87ක ඒවා ගබඩා කර තිබී ඇති බව ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනයේදි යොදා ගැනෙන අඩු ඝනත්ව පොලිතීන් (LDPE) සහ වැඩි ඝනත්ව පොලිතීන් කැට (HDPE) කිලෝ 25 බැගින් වන මලු අවම වශයෙන් 25000ක් වත් මෙම නැවේ ගබඩා කර තිබී ඇත. එමෙන්ම එම ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50 මලු 3400ක් ද සහිත බහලුම් (කන්ටේනර්) 31ක ප්‍රවාහනය කර තිබේ.


x-press-perl
කිලෝ ග්‍රෑම් 25 ප්සාස්ටීක් පෙලට් මළු

පොලිතීන් සහ ප්ලාස්ටික් ගබඩා කළ බහලුම් 55ක් එම නෞකාවේ භාණ්ඩ ලේඛනය තුළ පවතින බව සඳහන් වේ. මෙම පොලිතීන් මලු සහිත බහලුම් රැසක් මුහුදට වැටී විනාශ වි තිබුණු අතර එයින් විශාල පරිසර දුෂණයක් මේ වනවිට දකුණු සහ වයඹ දිග මුහුදු තීරයේ දක්නට ලැබෙයි.

නෞකාවේ අනතුරුදායක බහලුම්වල (Dangerous cargo) පැවැති රසායන ද්‍රව්‍ය අතර බොහෝ දෙනකුගේ අවධානයට ලක් වූ නයිට්‍රික් අම්ලය පැවතියේ එක් කන්ටේනරයක් පමණි. එහෙත් මෙම නෞකාවේ දැවන්ත කෝස්ටික් සෝඩා තොගයක් ප්‍රවාහනය කර ඇති අතර එය බහලුම් 42ක් ලෙස වාර්තා වේ.

වෙරළට ගොඩ ගැසූ ප්ලාස්ටීක් පෙලට්

එමෙන්ම වර්ග තුනකට අයත් යූරියා කන්ටේනර් 88ක් ද පර්ල් එක්ස්ප්‍රස් රැගෙනවිත් ඇති අතර ඊයම් කන්ටේනර් 8ක්ද එහි තිබී ඇත. මෙයට අමතරව මෙතනොල් කන්ටේනර් කිහිපයක්, පරිසරයට අහිතකර රසායන ද්‍රව්‍ය ලෙස කම් කළ කන්ටේනරයක්, සුවඳ විලවුන් , මෙතනෝල්, ඝන කෝස්ටික් සෝඩා, සුවඳ විලවුන් නිෂපාදන, ඖෂධ සහ කාර්මික නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වන සෝඩියම් මෙතොක්සයිඩ් ද්‍රාවණය සහ තීන්ත සහ ගම් වර්ග නිෂ්පාදනයේදී භාවිත වන විනයිල් ඇසිටේට් ඉන්හිබිටර් vinyl acetate inhibitor යන ද්‍රව්‍ය පැවති බව අනාවරණය වේ.

මෙම ද්‍රව්‍යවලට අමතරව ලිහිසිතෙල් විශාල තොගයක්ද එහි ප්‍රවාහනය කර තිබේ. ලංකාසරට වාර්තා වන අන්දමට එන්ජින් ඔයිල්. ගියර් ඔයිල් බ්‍රේක් ඔයිල් ඇතුළු ලිහිසි තෙල් බහලුම් 30ක් පමණ එහි ගබඩා කොට තිබි ඇත. මෙම තොගවලින් වැඩි ප්‍රමාණයක් මේ වනවිට දැවි ගොස් ඇති බවට විශ්වාස කෙරෙයි.

මෙම ද්‍රව්‍යවලට අමතරව ආහාර ද්‍රව්‍ය තොගයක් , වාහන කිහිපයක්, වාහන අමතර කොටස් සහිත කන්ටේනර් ගණනාවක්ද ප්‍රවාහනය වෙවමින් තිබි ඇති අතර සමස්ථ කන්ටේනර් 1886න් බහලුම් 1215ක මෙම භාණ්ඩ අසුරා තිබී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේදී මුහුදු වැටුණු බහලුම්වල තිබූ ප්ලාස්ටික් කිලෝ ටොන් 548ක් උස්වැටකෙයියාවේ සිට සරක්කුකන්ද දක්වා වෙරළ තීරයෙන් එකතු කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අද නිවේදනය කළේය.

Exit mobile version