එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවීම වළක්වා ගන්න නැව් සමාගමෙන් අල්ලස් ගත් අයෙකුගේ තොරතුරු අධිකරණ ඇමති හෙළි කරයි!

x-press-perl

එක්ස්ප්‍රස් පර්ලි නෞකාවෙන් සිදුවූ දැවැන්ත සමුද්‍ර දූෂණය වෙනුවෙන් වන්දි අය කරගැනීම සඳහා දියත් වී ඇති නඩු කටයුතු  වළක්වා ගැනීම සඳහා එම නාවික රක්ෂණ සමාගම ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දුන්නේ යැයි කියන පුද්ගලයෙක් සම්බන්ධව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

මේ තැනැත්තා චාමර ගුණසේකර නැමැත්තෙක් බවත්   නට්වෙස්ට් කොට්(natwest cot), 50000 ලිපිනයේ සිටින ඔහුගේ  අන්තර්ජාතික ගිනුම් අංකය (IBAN International Bank Account Number)   154793334 බවත් ඇමතිවරයා ක  නම්බර් එකක් තියෙනවා. මෙම ගිනුමට  GB 53 N W B K 50000015479234. BIC N W B K G 2L කේතය ඔස්සේ  ඇමරිකානු ඩොලර් මිලියන 250ක්  වැටී ඇති බව තමන්ට තොරතුරු ලැබුනේ යැයි ඇමතිවරයා කීවේය.

”  මට අභියෝග කරලා තියනවා පුලුවන්නම් මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් හෙළිදරව් කරන්න කියලා. අධිකරණ ඇමතිවරයා ලෙස නීතියට ගරු කරමින් මා කටයුතු  කළේ.  එය හෙළි දරවු වෙන්න ඕන පොලිසිය විසින්. ”

“මට සාක්ෂියක් ලැබුණෙ නෑ. මට තොරතුරක් ලැබුණා. මේ හෙළිදරව් කිරීමේ මා  වගකීම භාරගන්නේ නෑ. මේක තොරතුරක්. මේක සාක්ෂියක් ද නැද්ද කියලා මම දන්නෙ නෑ.  ඒක සාක්ෂියක් ද නැද්ද කියලා තේරුම් ගන්න ඕන පොලිසිය පරීක්ෂණය කරලා අවසන් නිගමනය දුන්නම.”


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මේ තොරතුර පිළිබදව පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිවරයාගේ නියෝග මත  අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින්.” ඇමතිවරයා කිවේය.

 

 

Exit mobile version