සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් ජනපදය වෙනිසියුලා ජනාධිපති පැහැර ගැනීමට ශ්‍රී ලංකා රජය විරුද්ධ වන්නේ ඇයි… සභානායකවරයා කරුණු පහදයි!

by editor
ජනවාරි 8, 2026
in පුවත්
මදුරෝ
Share on FacebookShare on Twitter

එක්සත් ජනපදය වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිය පැහැරගැනීම සිදුවන්නේ එක්සත් ජනපදයේ ස්වෛරීත්වයට කිසිම බාධාවක් වෙනිසියුලාව විසින් නොකළ පසුබිමක බව සභානායක, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය.

වෙනිසියුලාවේ ජනාධිපතිවරයා පැහැරගැනීම ගැන රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ දුබලයා බලවතා විසින් යටත් කිරීමේ කැලෑ නීතිය වැලැක්වූ එක්සත් ජාතීන් 1945 දී හඳුන්වා දුන් ප්‍රඥප්තිය ආරක්ෂා කිරිමට රටක් වශයෙන් පෙනී සිටින බවත්,  එසේ පෙනී සිටින්නේ අප වැනි රටවල ජීවිත ආරක්ෂක රේඛාව සලකුණු වන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මත බවත්ය.

ඇමතිවරයා මෙසේ ද කීවේය.

“අද ලෝකයේ අති බහුතරයක් රටවල්   එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය   පිළි අරගෙන කටයුතු කරන්නේ.”

“රට මොකක් වුනත් ඒ රට හොඳද නරක ද කියන එක ඒ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක්.  වෙන කිසිම රටකට ඒ රට ආක්‍රමණය කරන්න බෑ කියන එක එක්සත් ජාතීන් දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ කරපු ලොකුම දෙයක්. ලෝකයේ එතෙක් තිබුණ කැලෑ නීතිය, ලොකු එකා පොඩි එකා දඩයම් කිරිම නතර කරලා ලෝකයට සැහෙන දුරට සාමයක් ආවේ 1945 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිගත්ත නිසා.”

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

“ඇත්තටම අපි වගේ රටවල්වල ජීවිතාරක්ෂක රේඛාව ඒක. ලෝකයම ගත්තත් හැම රටකම ගත්තත්  ලෝකයේ යුද්ධ ගොඩක් කරන්න පුලුවන් ප්‍රධානම රටවල් හැරුණාම අනෙක් හැම රටකම තියෙන ජීවිතාරක්ෂක රේඛාව  රටක් වශයෙන් වෙනත් ඕනෑම රටක් එක්ක සමාන අයිතිවාසිකම් තියනවා කියලා නීත්‍යානුකූලව පිලිගැනීම. ලෝක සාමයට ආපු ලොකුම ජීවිතාරක්ෂක රේඛාවත් ඒක.”

“ඒ නිසා වෙනිසියුලාව හරි අප්‍රිකාව හරි වෙනත්  ඕනෑම රටක ඒ රට හොඳ නැද්ද කියන එක ඒක තීරණය කරන්න ඕන ඒ රටේ ජනතාව. වෙනත් රටක කවුරුත් නොවෙයි. ඒ රටේ ජනතාවෙන් තොරව  රටවල්වල ආණ්ඩු වෙනස් කරපු එකේ ඉතාම නරක අත්දැකීම් අපට පෙනෙනවා. ඉරාකය, සිරියාව, ඇෆ්ගනිස්ථානය වාගේ රටවල්වලින්. ඒවා  සාර්ථක වෙලා නෑ.”

“ඒ වගේම වෙනිසියුලාව ගත්තොත් අවුරුදු විසිහපහක් දේශපාලන පක්ෂ දෙක කළේ මොනවද කියලා ඔබතුමාලට ගන්න පුලුවන්. වෙනිසියුලාවේ 2000 සිට  2025 දක්වා අසමානතාවය, සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ප්‍රවේශය, ආර්ථික සංවර්ධනය, උද්දමනය, ආහාර සුරක්ෂිතාවය කියන කරුණු මත ලෝකයේ අන්තර්ජාතික සංවිධාන වාර්තා සකස් කරලා තියනවා.”

“වෙනිසියුලාවේ 25 අවුරුදු පාලනය කොටස් දෙකකට කඩන්න පුලුවන්. 2000- 2014 සහ 2014 සිට 2021 දක්වා. 2021 සිට අද දක්වා. 2014 අවුරුද්දෙ තමයි එක්සත් ජනපදය වෙනිසියුලාවට අසීමාන්තික සම්බාධක දාන්නේ.  කවදාවත් නිදහස් අධ්‍යාපනය තිබුණ නැති රකට, කවදාවත් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබුණ නැති රටක එම අවස්ථා ඇති වුනේ 2000 අවුරුද්දෙන් පස්සේ.”

“සාමාන්‍ය සාධාරණ රටක් විදිහට වෙනිසියුලාවේ පාලකයින් වැඩ කරද්දි ඒ රට තිබුණට වඩා ඉහළට ආව. කරකාස් කියන්නේ තනිකරම මුඩුක්කු නගරයක් විදිහට තිබුණෙ. අද අවුරුද්දකට වැඩියෙන්ම ගෙවල් හදලා තියන රට වැනිසියුලාව.  කරකාස් අග නගරය සෑහෙන දුරට වෙනස් වෙලා තිබෙනවා. විශාල සුබ සාධනයක් මේ ආණ්ඩු කළා.”

“2014 වෙනිසියුලාවට ඇමරිකාව සම්බධාක දැම්මා. ඇයි ඒ සම්බාධක දැම්මේ. වෙනිසියුලාව ඇමරිකාවට කිසිම දෙයක් කරලා නෑ. ඇමරිකාවේ ස්වෛරීත්වයට කිසිම වරදක් කරලා නෑ. වෙනිසියුලාවේ ඇතැම් මැතිවරන ගැන ජමී කාටර් සෙන්ටර් එකම කියනවා ලෝකයේ තිබුණ පිරිසිදුම මැතිවරණ ගැන කියලා.”

“2014න් පස්සෙ ඇමරිකාවේ  සම්බාධක නිසා වෙනිසියුලාව වැටුනා. ඕනෑම රටකට සම්බාධක දැම්මට පස්සේ ඒ රටට ගොඩ එන්න බැරි වෙනවා. අද කියුබාවට වෙලා තිබෙන්නෙත් එහෙමයි. 2021 සිට 25 දක්වා වෙනිසියුලා ආණ්ඩුව මේකත් එක්ක සටන් කරලා නැවත වෙනස් වෙන්න ගත්තා.  නැවත යම් කිසි මට්ටමක් අත්පත් කරගත්තා.”

“මේ පැහැරගැනීම එක්සත් ජාක්සත් රාජධානියේ තීරණයක්  බව ඇත්ත. නමුත් මේ පැහැරගැනීමත් එක්ක එකක් පේනවා. ඒ අපි වගේ රටවල්වලට ස්වාධීනව දියුණු වෙන්න නම් අපට එක්සත් ජාතීන්ගේ ක්‍රමවේදය පැවතීම අත්‍යාවශ්‍යයයි.”

අද වෙනකොට එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවිධාන 31කින් ඉවත් වෙන්නත් අන්තර්ජාතික වෙනත් සංවිධාන 35කින් ඉවත් වෙන්නත්  තීරණය කරලා තියනවා. ඒ රටට ඒ අයිතිය තියනවා.

“නමුත් එක්සත් ජාතීන්  කියන්නේ ලෝකයම හදාගත්ත දෙයක් . එක්සත් ජනපදය මුල් වුනා ඒක හදන්න.  මේ හැසිරීමෙන් අපට පේනවා ඒ ගොල්ලන් ඒ තරම්ම යූ.එන් එකට කැමති නෑ වගේ. නමුත් අපට තියෙන දේ මොකක්ද. අපට යූ.එන් එක අවශ්‍යයයි.”

“රටවල්වල පාලකයින්ගේ අඩුපාඩු තියෙන්න පුලුවන්. නමුත් ඒ හැම වැරැද්දක් නිසාම  තවත් රටකට ලැබෙනවා නම් බලයක් ඒක වැරදියි. දැන් මේ මොකක්ද කරන්නෙ. ඇත්ත පැත්තෙ හිටගන්නේ නැතිව එයා වැරදියි මෙයා වැරදියි කියන එක නෙමෙයි. අපට අවශ්‍යයයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පඥප්තිය ක්‍රියාත්මක කරගන්න.  කවුරුහරි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝණය කරනවා නම් ඒක බලපානවා ඒ රටට විතරක් නෙමෙයි, අපේ රටටත්.”

“නැවතත් කියනවා අපි වගේ රටවල්වල ජීවිත ආරක්ෂාව හැදෙන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති ක්‍රියාත්මකවීම මත.  ඒ නිසා අපි කවුරුත් එක්සත් ජාතීන්ගේ  ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරාජයවන බව දැන දැන ගෙනෙන විශ්වාස භංගය රජයේ අධ්‍යාපන  ප්‍රතිපත්තිය ජනතාවට පහදා දෙන්න අවස්ථාවක් කරගන්නවා…

Next Post

ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රදානය ගැන අදත් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.