එක්ප්‍රස් පර්ල් ගොඩ දාන්නත් චීනය එයි…

x-press-perl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ මුහුදුබත් සුන්බුන් ඉවත් කිරීම සඳහා චීන තාක්ෂණික සහයෝගය ලබාගෙන ඇති බවත්  ඒ කාර්යය සඳහා විශේෂිත  චීන නෞකාවක් මේ වනවිට  පැමිණ ඇති බවත් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

මුහුදුබත් වූ බහාලුම් ඉවත් කිරීම සඳහා මීට පෙර මෙරටට පැමිණි ඇමරිකානු සමගාගමකට අයත් නෞකාව මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර  ඇති අතර  එම නෞකාව විසින් දැනට බහාලුම් සියයකට අධික ප්‍රමාණයක් මුහුදු පත්ලේ සිට ඉවත් කර ඇතැයි ද එම අධිකාරිය කියයි.

මේ වනවිට ඉවත් කෙරුණු බහාලුම් 400කට අධික ප්‍රමාණයක්  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ  සහ රේගු දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ  වත්තල ප්‍රදේශයේ අංගනයක තැන්පත් කර ඇත.


නෞකාව අනතුරට ලක්වීමෙන් අනතුරුව  සිදුකරන ලද මෙහෙයුම් වියදම් සඳහා  මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 3.6ක් මෙරටට ලැබී  ඇති බවත්, අනෙක්තු මෙහෙයුම් කටයුතුවල වියදම නෞකා සමාගමෙන් ප්‍රතිපූරණය කරගැනීමට නියමිත බවත් වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෞකාව ගිලී යෑමෙන් පරිසරයට සිදුවූ හානිය පිළිබඳ වන්දිය පූර්ණ ලෙස ගණනය කර නැති බව  සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.

Exit mobile version