උසස්පෙළ දරුවන්ගේ එන්නත්කරණය අද කොළඹින් ඇරඹෙන හැටි!

කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවල පළමුවර හා දෙවනවර   උසස් පෙළ විභාගයට පෙනී සිටින  අපේක්ෂකයින් සඳහා ෆයිසර් එන්නත ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ සිසුන් 24,000ක් සඳහා එන්නත්කරණය සිදුකිරීමට නියමිතය.

එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන සිසුන් සිය ජාතික හැඳුනුම්පත රැගෙන ඒම අනිවාර්යය බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එල්.එම්.බී. ධර්මසේන ප්‍රකාශ කළේය.


කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

එම පාසල් නම්  කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් විද්‍යාලය සහ විවේකානන්ද විද්‍යාල ය.

සාන්ත බෙනඩික් විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

සාන්ත බෙනඩික් විද්‍යාලය
යහපත් එඩේරාගේ කන්‍යාරාමය
යහපත් එඩේරාගේ කන්‍යාරාමය (දෙමළ)
කුමාර කණිෂ්ඨ විද්‍යාලය

විවේකානන්ද විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය.

කනපති විද්‍යාලය
වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය
විවේකානන්ද විද්‍යාලය
අල් හකීම් විද්‍යාලය
මැද කොළඹ හින්දු විද්‍යාලය

මේ අතර කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණි.

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක් සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 ක් තුළ ද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව හෝමාගම කලාපයේ,

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය
හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය – පිටිපන
දීපංගොඩ මහා විද්‍යාලය
සිරි පියරතන මහා විද්‍යාලය පාදුක්ක
සීතාවක මධ්‍ය මහා විද්‍යාලය
මායාදුන්න මහා විද්‍යාලය

පිළියන්දල කලාපයේ එන්නත්කරණ වැඩසටහන

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය  (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)
බොරලැස්ගමුව මහා විද්‍යාලය (එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණි)

 මොරටු මහා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

මෙතෝදිස්ත උසස් විද්‍යාලය
අර්ෆත් මුස්ලිම් විද්‍යාලය
ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

එස් ද එස් ජයසිංහ විද්‍යාලය
ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය
නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය
ඇලීතියා විද්‍යාලය.

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලය ට පහත පාසල්වල සිසුන් පැමිණිය යුතුය

ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය
ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය

ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලබේ රාහුල බාලිකා විද්‍යාලය
මහරගම මධ්‍ය මහා විද්‍යාලය
අංගොඩ රාහුල විද්‍යාලය
නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය

Exit mobile version