උල් ආයුධයක් සහිතව ජනපති මැදුරට යන්න හැදුවේ 09 දා අරගලකරුවන් හා එක් වුණු පොලිස් සැරයන්…

ජනාධිපති මන්දරය තුළ දී තියුණු ආයුධයක් සහිතව අද අලුයම අත්අඩංගුවට පත් වී ඇත්තේ  විරෝධතාවය පැවති 09 වැනිදා පොලිස් මෝටර් රථයකින් පැමිණ හෙල්මට්ටුව පොලවේ ගසා අරගලකරුවන් හා එක්වූ පොලිස් සැරයන්වරයා බව හඳුනාගෙන ඇත.

උල් ආයුධයක් සහිතව ජනාධිපති මන්දිරය තුළට අතුළු වීමට ගත් උත්සාහයක දී  අද (11) අලුයම මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මාධ්‍යයට කියා  සිටියේ ඔහු පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ කාර්මික පොලිස් සැරයන්වරයෙකු බවත් ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.

Exit mobile version