උඹලට තියන අයිතිය අපටත් තියනවා… උඹලාත් මේ රටේ එක පවුලක් විතරයි…  රාජාංගනයේ සද්ධාරත්න හිමි

ගෝඨාභය රාජපක්ෂ ජනපති කිරීම වෙනුවෙන් නොගත් වෙහෙසක් නැති බවත්,  මේ වනවිට වංචාව දූෂණය ගසාකෑම වපුරමින් සිටිනා   රාජපක්ෂ පවුලට ඇත්තේත්   තමන් ඇතුළු මේ රටේ සෑම පුද්ගලයෙකුටම තිබෙන අයිතිය යැයි සිහිකරන බවත් සමාජ  ක්‍රියාකාරිකයෙක් වූ පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියෝ  පවසති.

රටේ ප්‍රකට රංගන ශිල්පියෙක් සමාජ මාධ්‍ය කරුවෙක් මෙන්ම තියුණු දේශපාලන විවේචකයෙක් ද වූ සුදත්ත තිලකසිරිව  ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වූ අවස්ථාවේ දී ඔහු සමග පැමිණි සමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස  මාධ්‍යය වෙත අදහස් දක්වමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

පූජ්‍ය රාජාංගනයේ සද්ධාරත්න හිමියෝ මෙසේ ද කීහ.


“සුදත්ත මහත්තයත් අපි හැමෝම උඹලා  මේ රටේ ජනාධිපතිකරවන්න   නොගත්ත උත්සාහයක් නෑ. මේ හිටගෙන තියෙන්නේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේ රටට කරන අපාධයන්ට එරෙහි වීම වෙනුවෙන්. හැම තැනම හොරකම වංචාව දූෂණය. මුළු රටම විකුණනවා.  අපිට කට පියාගෙන ඉන්න ද කියන්නෙ. “

“උඹලට තියන අයිතියම අපටත් මේ රටේ තියනවා. උඹලත් මේ රටේ එක පවුලක් විතරයි. ඒක හොඳට මතක තියාගනිල්ලා.“

“මොකා උනත්  කවුරු මේ රටේ වැරදි කළත් වැරදියි. අපි කතා කරන්නෙ සුදත්ත මහත්තයා කතා කරන්නෙ මා කතා කරන්නෙ අපේ පුද්ගලික ජීවිතය ගැන නෙමෙයි. කතා කරන්නෙ අපි දෙන්නෙක් තුන්දෙනෙක් වෙන්න පුලුවන්. අපිව මරලා දාන්න පුලුවන්. ඒකට ප්‍රශ්නයක් නෑ. අපි කතා කරන්නෙ මේ රටේ මිනිස්සු පිළිබඳව. මේ රට පිළිබඳව.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාව සිරස නිව්ස් ෆස්ට් මෙසේ වාර්තා කර තිබිණි.

Exit mobile version