උමාරියා සිංහවංශ පොලිස් අත්අඩංගුවට

UMARIA

රාජගිරිය ගුවන් පාලම ආසන්නයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය පැදවූ මෝටර් රථය අද (31) සවස ත්‍රී රෝද රථයක ගැටී ඇති අතර එයින් තුවාල ලද ත්‍රිරෝද රථ රියදුරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. මෝටර් රථය ත්‍රී රෝද රථයේ ගැටුණු වහාම ත්‍රී රෝද රථ රියදුරා සිහිසුන් වී තිබේ. නැවත පියවි සිහිය ලැබී ඇත්තේ රෝහලේ දී ය.

අද සවස 5.30 ට පමණ සිදුව ඇති මෙම අනතුර සම්බන්ධගෙන් වැලිකඩ පොලිසිය ගායන ශිල්පිනිය අත්අඩංගුවට ගෙන ඇත. වැලකඩ පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ත්‍රී රෝද රථ රියදුරාට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය වී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version