උම්බලකඩ පෙන්නා කුඩු විකිණූ වත්තල කෝටිපති මුදලාලි දැලේ…

ජා ඇල නිවන්දමදීත් අයිස් කිලෝ 13ක් සමග සැකකරුවන් 06ක් කොටු...

උම්බලකඩ ව්‍යාපාරයක් කරන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතවූ කෝටිපති ව්‍යාපාරිකයෙක් සහ  ඔහුගේ ගෝලයෙක් වත්තල පොලිසිය මගින් ඊයේ (11) රාත්‍රියේ දී අත්අඩංගුවට ගත්තේය.

මෙම ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයා බොරැල්ල ප්‍රදේශයේ පදංචිකරුවන් බවද පොලිසිය පවසයි.

එසේම මෙම සැකකරුවන් දෙදෙනාටම මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් නඩු කීපයක්ම ඇති බව පොලිසිය කියයි.


මෙම ව්‍යාපාරිකයා උම්බලකඩ ව්‍යාපාරය මහා පරිමාණයෙන්  කරගෙන යන අයෙකු බවත්, එම ව්‍යාපාරයට මුවා වී සූක්ෂම ලෙස කුඩු ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකර ඇති බවත් වත්තල පොලිසිය පවසයි.

ප්‍රධාන ව්‍යාපාරික සැකකරු සන්තකයේ තිබූ මත්කුඩු  ද සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් බවත් වැඩිදුර විමර්ශන ඇරඹී ඇති බවත්,  සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිම  අද  (12) සිදු කරන බවත් වත්තල පොලිසිය පවසයි.

මේ අතර ජා ඇල නිවන්දම ප්‍රදේශයෙ දී ද අයිස් මත්ද්‍රව්‍ය සමග සැක කරුවන් 06ක්  පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්  අත්අඩංගුවට ගෙන  ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සැක කරුවන් ලඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13ක් ද   හමු වී තිබේ. කුඩා ප්ලාස්ටීක් බඳුන් තුළ අසුරා මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබේ. සැකරුවන් පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

 

Exit mobile version