උපතින් නොලද දේ ගැන කම්පා නොවී ලෝකය දිනාගෙන එන්නට සැරසෙන දිරිය පුතා!

උපතින් ගෙනා ශාරීරික අඩුපාඩු බිඳකුදු මායිම් නොකර තම ක්‍රීඩා දක්ෂතාවයන් මුලු ලොවටම හඬ ගා කියූ  ආඩම්බරකාර පුතෙක් ගැනයි මේ සටහන.

ඔහු නමින් එස් එම් සෆ්රාන්. ගිරි/ අරක්යාල  මුස්ලිම් මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්. අතිශයින්ම ඉහළ    ක්‍රීඩා කෞෂල්‍යයෙන් හෙබි ඉතා දක්ෂ දරුවෙක්.

එස් එම් සෆ්රාන්

ඔහු 2017  වර්ෂයේ පළාත් ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 , මීටර් 200 දිවීම, හා දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම් තුනක් දිනාගත්තේ ඔහු හා තරග වැදුණු සියලුම සාමාන්‍ය ක්‍රීඩකයින් පරාජය කරමින් .


ඉන්පසු මෙවර 2021 ආසියානු යොවුන් පැරාලිම්පික් තරඟාවලියට සහභාගී වී  දුර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා මීටර් 100 ඉසව්වෙන් රිදී පදක්කමක් ජයග්‍රහණය කරමින් ඔහු ජත්‍යාන්තරය දිනා ගත්තා.

ඔහු 2022 වර්ෂයේ ඔක්තෝම්බර් මස චීනයේ දී පැවැත්වීමට නියමිත  පැරාලිම්පික් තරගාවලියට සහභාගි වීමට අපේක්ෂාවෙන් පසුවන්නෙ. කොල්ල රන් පදක්කමක් අරන් එන්න ලෑස්තියි.

එත් දැන් ගැටලුවක් ඇවිත් තියනවා. ඔහු තරග කරන්නේ ලෝකයේම දැවැන්තයන් එක්ක.  මෙතැනදි ඔහුට තාක්ෂණයේ සහ කෘතිම උපකරණවල පිහිට අවශ්‍යයයි.

ඔහුගේ එක් අතක වැලමිටෙන් පහළ කොටස නොමැතිවීම නිසා දිවීමේදී ශරීරයේ සමබරතාවය ගිලිහී මෙන් වේගය අඩුවන බව ඔහු කියනවා. එයට තමාට කෘතිම අතක් ලබාදුනහොත් ශරීරය සමබර වීමෙන් වේගය වැඩිකරගත හැකි බවත් ඉදිරි තරග වලදී රට රනින් බැබලවිය හැකි බවත් ඔහු  කියන්නෙ විශ්වාසයෙන්.

එස්.එම් සෆ්රාන් ඉතා දිළිඳු අඩු ආදායම්ලාභී පවුලක දරුවෙක් . දරුවා 2022 පැරාලිම්පික් තරගාවලියට සම්බන්ධ වෙන්නේ  දැඩි ආර්ථික අපහසුතා මැද. මේ දිරිය දරුවාට ජාති ආගම් භේද නොසලකා මේ මොහොතේ උදව් කළොත් ඔහු රට වෙනුවෙන් ලෝකය දිනාගෙන ඒවි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෆ්රාන්ගෙ  තාත්තා එස්.එම් සහබ්දීන්ගෙ   දුරකතන අංකය තියනවා. එය 0779049952… හැකිනම් මේ කොල්ල වෙනුවෙන් එක දුරකථන ඇමතුමක් දීලා පුලුවන් විදිහට ශක්තියක් වෙන්න…

Exit mobile version