උද්ඝෝෂණයක් අතර මැද දිඹුලාගල නායක හිමියන්ට වැලි ජාවාරම්මු තර්ජනය කරති!

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව වැලිකන්ද වඩමුණේ මාර්ගය වැලි ටිපර් නිසා දැඩි ලෙස අබලන්  වීමෙන් තම ගම්මාන වල පවුල් 880 ක සාමාජිකයින් 3000 ක් පමණ පීඩාවට පත්ව පත්ව ඇතැයි වඩමුණේ සිංහල දෙමළ ආදිවාසී පවුල් 500 ක් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය වැලිකන්ද නගරයට ආසන්නව වඩමුණේ මංසන්ධියෙන් අවහිර අද (27) මීට ටික වෙලාවකට පෙර  දැවැන්ත  උද්ඝෝෂණක නිරත වූහ.

මේ අවස්ථාවට ගම්වැසියන්ගේ පාර්ශවයෙන්  එක්වූ දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර හිමියන්ට වැලි ජාවාරම්කාරයින් බැණ වැදීම නිසා එම අවස්ථාව උණුසුම් මුහුණුවරක් ගත්තේය.

වැලි ජාවාරම්කරුවන් වඩමුණේ පාලම යටින් වැලි ගොඩ දැමීම නිසා පාලමට දැඩි ලෙස හානි වී ඇති බවත් , කිලෝ මීටර් 5 ක් දුරට මාර්ගය අබලන් වීමෙන් ගමට පැමිණීමට ඇති එකම බස් රථය ද නතර වී තිබෙන බව පවසමින් විරොධතාවයේ යෙදුණු ගම්මුන් සමග එක් වුණු නායක හිමියන්ට ජාවාරම්කරුවන් බැණවැදී තර්ජනය කිරීම සමග ඇතිවුණු තත්වය පාලනය කිරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැලිකන්ද  පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන්ත රත්නායක පැමිණ එහෙම අවස්ථාව  කළමනාකරණය කරමින් හෙට සිට වඩමුනේ වැලිකන්ද මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන කීවේය. පොලිසිය විසින්  ලබාදුන් පොරොන්දුව සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.

Exit mobile version