උද්ඝෝෂකයන්ට කළ පොලිස් පහරදීම ගැන නාමල් විමර්ශනයක් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඊයේ පැවත්වූ උද්ඝෝෂණයට පොලිසිය විසින් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන්නැයි  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

එම පොලිස් පහරදීම තමන් තරයේ හෙළා දකින බව ද නම රාජපක්ෂ මහතා සිය නිල සමාජ ජාල ගිණුම් ඔස්සේ ප්‍රකාශ කර තිබේ.

“පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ මෑත කාලයේ හැසිරීම මගින් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම COVID-19 කාලය තුළ සිදුකළ විශිෂ්ට සේවාවට හානි සිදුවීම කණගාටුදායකයි. විරෝධතාවයේ නිරත අයට ඊයේ පහරදීම සිදුවීම මා තරයේ හෙළා දකින අතර, කඩිනමින් විමර්ශනය කර ඊට නිසි පියවර ගත යුතු යැයි ඉල්ලා සිටිනවා.” යයි නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොල්ලුපිටිය සහ ලිප්ටන් වටරවුමේ පැවති සාමකාමී උද්ඝෝෂණයකට මෙලෙස පොලිසිය විසින් පහරදුන් අතර ඊට සහභාගි වූ විරෝධතා කරුවන් පනස් තුන් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Exit mobile version