ගල්ඔය සිට ත්රිකුණාමලය දක්වා ධාවනය වන උදයදේවී දුම්රිය පීලි පැනීම හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ.
අග්බෝපුර දී මෙම සිදුවීම සිදුවී ඇති අතර, මැදිරි ත්රිත්වයක් පීලි පැනීමට ලක්වී ඇත.
එහිදී නියාමක මැදිරිය ද පෙරළීගොස් ඇති අතර, එහි සිටි සහයක නියාමකවරයා තුවාල ලබා තිබේ.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් ප්රතිකාර සඳහා කන්තලේ රෝහල වෙත රැගෙන යෑමට පියවර ගෙන ඇති අතර මේ වනවිට තුවාලකරුවන් 16 දෙනෙකු රෝහල වෙත රැගෙනවිත් ඇති බවද වාර්තා වෙයි







