උතුරේ දුක සැප බලන්න බ්‍රිතාන්‍ය නියොජ්‍ය මහකොමසාරිස් යාපනේ යයි..

දිනසේන රතුගමගේ

කොරෝනා වසංගතයෙන් පසුව යාපනයේ ආර්ථික හා සමාජීය කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු සිදුවන ආකාරය හා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමට  ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුලු පිරිසක් ඊයේ (04) යාපනයේදී යාපනය දිසාපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය.

යාපනය දිසාපති කනපතිපිල්ලේ මහේසන්   සමග මේ සාකච්ඡාවට බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් නයිජෙක් කනවසාජ් (Nejik Kanavasaj)  හා දේශපාලන  අංශයේ  ලේකම්වරිය වන  ශිරෝන් ලෝතාන් (Shiron Lothan) ද  සහභාගී වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය දිසාපති කාර්යාලයේ පැවති මේ සාකච්ඡාවේදී බ්‍රිතාන්‍ය ආධාර යටතේ යාපනයේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳවද දෙපාර්ශ්වය විසින් කරුණු සාකච්ඡා කොට තිබේ.


 

Exit mobile version