උතුරේ ගොවි ධීවර උද්ඝෝෂණ ඇරඹෙයී! සුමන්තිරන්ලා මුහුදට බසිති…

දිනසේන රතුගමගේ –

ධීවරයින්ට හා ගොවින්ට සහන ඉල්ලා දෙමළ ජාතික සන්ධානය විසින් උතුරු නැගෙනහිර පළාත් වල දියත් කරනු ලබන විරෝධතා මාලාවේ පළමුවැන්න මුලතිව්  කල්ලපාඩු වෙරළේ සිට අද ( 17 )දා උදැසන ආරම්භ විය.

උතුරේ  ධීවරයින් විශාල පිරිසක් මුලතිව් සිට මුහුදු මගින්  පේදුරුතුඩුව දක්වා සංවිධානය කොට තිබූ බෝට්ටු පෙලපාලියට දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන්. එස් .ශ්‍රීධරන් රාසමානික්කම් චානක්‍යන් යන මන්ත්‍රීවරු සමග තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම බෝට්ටු සවාරියේ මුලික අරමුණ වන්නේ උතුරු නැගෙනහිර ධීවරයින්ට රජයෙන් සහන ලබා දෙන මෙන් ඉල්ලා සිටීම හා ඉන්දීය ධීවරයින් උතුරේ මත්ස්‍ය සම්පත විනාශ කිරීමට විරෝධය පල කිරීමයි.


ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට ටෝලර් යාත්‍රා වලින් පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලමින් බැනර් ගැසූ බෝට්ටු වල නැගුණු ධිවරයින් දහසක් පමණ දෙනා මුලතිව් සිට පේදුරුතුඩුව බලා ගමන් ආරම්හ කළහ.

17 හා 18 යන දින දෙකේදී පැවැත්වෙන මෙම විරෝධතාවයේදී 18 දා උතුරු නැගෙනහිර පළාතේ සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයක් ඉදිරිපිටම විරෝධතා වල නිරත වෙමින් ගොවියෝ රජයෙන් පොහොර සහනාධාරය මෙන්ම සෙසු සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය විසින් දියත් කරණු ලබන මෙම විරෝධතා මාලාවට නායකත්වය දෙනු ලබන්නේ එම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ .සුමන්තිරන් ය.

Exit mobile version