උතුරු කොරියාන නායකයා දැඩි ලෙස රෝගාතුර වෙයි!

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් දරුණු ලෙස රෝගාතුර වී ඇති බව ඔහුගේ සොයුරිය විසින් එරට මාධ්‍ය වෙත අනාවරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

උතුරු කොරියානු නායකා අධික උණ රෝගයෙන් පෙළෙන බව  ඔහුගේ සොයුරිය පවසා තිබීමද විශේෂත්වයකි.

මේ වනවිට උතුරු කොරියාව පුරා කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර යන අතර එම ව්‍යසනයට දකුණු කොරියාව වගකිව යුතු බව ජොන් උන්  චෝදනා කර තිබිණි.

කෙසේ වෙතත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොයුරිය වන කිම් යෝ ජොන් පවසා ඇත්තේ තම සොයුරා දැඩි ලෙස රෝගාතුර වී සිටියත් ජනතාවගේ සුබ සිද්ධිය වෙනුනේ අඛණ්ඩව දිවා රෑ නොබලා කටයුතු කරන බවය.


කිම් යෝ ජොන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයද මවිත ප්‍රකාශ කර තිබේ. ඊට හේතුව වන්නේ උතුරු කොරියානු නායකයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සාමාන්‍යයෙන් නිවේදන නිකුත් කිරීමක් නොකරන බැවිනි.

ඒ අනුව මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීම තරමක් සැකසහිත බවද විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.

උතුර කොරියානු නායකයා සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවකට පුරුදුව සිටින අයෙකි.    ඔහු අධික ලෙස දුම් පානයට සහ මත්පැන් පානයට ඇබ්බැහි වූවකු බව ප්‍රකටය. එමෙන්ම ඔහු අධික තරබාරු පුද්ගලයෙකි.  එයද ඔහු නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකරන බවට කදිම නිදසුනකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් ආකාරයකින් කිම් ජොන් උන් මරණයට පත් වුවහොත් ඔහුගේ සොයුරිය එරට නායකත්වයට පත්වීමට බොහෝ විට ඉඩ පවතී.

Exit mobile version