සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරුමැද පළාත් ගුරු විභාගයේ ලකුණු වංචා කර ගුරු පත්වීම් විකුණලා… උපාධිධාරීන් පිරිසක් උතුරුමැද ආණ්ඩුකාරවරයාට පැමිණිලි කරති!

by editor
දෙසැම්බර් 25, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

උතුරුමැද පළාතේ පාසල්වල පැවැති ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ගුරු පත්වීම් 1444 ක් පිරිනැමීමේදී ඇතැම් පත්වීම්ලාභීන්ගෙන් එම පළාත් සභාවේ රාජ්‍ය නිලධාරින් අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවට උතුරුමැද පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධාරීන්ගේ සංගමය චෝදනා කර සිටිති.

උතුරු මැද පළාතේ ගුරු විභාගයේ දෙවන අදියරේ සිදුවූ අක්‍රමිකතා මැයෙන් එම පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා වෙත බාර දුන් ලිපියක මේ බව සඳහන් කොට ඇත.

එම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ උතුරු මැද පළාත් සභාපති ඒ.එම්.එස්.ප්‍රියංකරගේ අත්සනින් යුත් එම ලිපිය රැකියා නොලද උපාධිධාරින් පිරිසක් විසින් පසුගියදා ආණ්ඩුකාරවරයා වෙත භාර දී තිබේ.

එම ගුරු විභාගයට ඉදිරිපත්ව මෙතෙක් ගුරු පත්වීම් නොලැබ අගතියට පත්ව සිටින ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් නව සියයකට ආසන්න පිරිසකට සාධාරණ තීන්දුවක් ගෙන ඔවුන්ටද සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමේ අවස්ථාව ලබාදෙන ලෙසත්
නොඑසේ නම් එකී ලිඛිත ගුරු විභාගයේ සමස්ත ක්‍රියාවලිය ඉතා පිරිසිදුව සාධාරණ මෙන්ම විනිවිද භාවයකින් යුතුව සිදුකර ඇති බව සනාථ කිරීමට සියලු අපේක්ෂකයින්ගේ ප්‍රශ්න පත්‍රවල ලකුණු අපක්ෂපාතී අධීක්ෂණ මණ්ඩලයක් යටතේ නැවත පරීක්ෂා කරවා ඔවුන්ගේ සත්‍ය ලකුණු අනාවරණය කරන ලෙසත් ඔවුන් සිය ලිපියෙන් පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

මේ වසරේ මාර්තු 09 වැනි දින පැවැති ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර කිසිදු විනිවිද භාවයකින් තොරව තෝරාගත් විභාග අපේක්ෂකයින් එක දහස් නවසිය තිස් එක් දෙනකු පමණක් සම්මුඛ පරීක්ෂණයට කැඳවීම සම්බන්ධයෙන් තමන් උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරියගෙන් විමසීම් කළ අවස්ථාවේදී විභාගයට පෙනී සිටි ඉතිරි සියළු අපේක්ෂකයන් විභාගය අසමත් බව ප්‍රකාශ කර සම්මුඛ පරීක්ෂණයට කැඳවීම් නොකළ බවත් ප්‍රකාශකොට තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

විභාගය සමත් ඉතිරි විභාග අපේක්ෂකයින් විභාගය අසමත් බව පැවසූ ඇය තමන් නොමග යවා ඇති බවත් උතුරු මැද පළාතේ ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කර සිටී.

මේ අතර තමන්ගේ ලකුණු දැන ගැනීමේ අරමුණින් විවිධ ආකාරයෙන් ඉල්ලීම් සිදු කිරීමට පෙළඹුණු බවත් අවසානයේ රැකියා විරහිත උපාධිධාරීන් විසි තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනීම දක්වා අසරණ තත්වයකට ඇද දැමීමට වගකිවයුතු රාජ්‍යය නිලධාරීන් කටයුතු කළ බවත් ආණ්ඩුකාර අසන්ත දිනදාස මහතා වෙත බාරදී ඇති ලිපියේ සඳහන් කොට තිබේ.

තම ඉල්ලීම් දිනා ගැනීමට විවිධ අයුරින් ක්‍රියාකාරකම්වල යෙදීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ උතුරු මැද පළාත් රාජ්‍ය සේවා කොමිසම මගින් සමස්ත අපේක්ෂකයින්ගේ අවසන් ලකුණු නිකුත් කළ බවත් එහිදී එම කොමිසමේ ලේකම්වරිය කලින් කර තිබූ ප්‍රකාශය ව්‍යාජ බවත් එම ලිපියේ සඳහන්වේ.

මේ අතරින් එම ගුරු විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදු නොකොට කිසිදු විනිවිද භාවයකින් තොරව විභාග අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණ කැඳවීමේදී හා ගුරු පත්වීම් ලබාදීමේදී එවකට පැවති දේශපාලන මැදිහත්වීම් මත ගුරුවරුන් බඳවා ගැනීම සිදුකර ඇතැයි එම සංගමය චෝදනා කරයි.

මේ අතර ඇතැම් උපාධිධාරීන් අදාල සම්මුඛ පරීක්ෂණවලට කැඳවීමේදී හා බඳවා ගැනීමේදී පළාත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් වශයෙන් මුදල් ලබා ගෙන සම්මුඛ පරීක්ෂණවලට කැඳවීම් නොලද විභාගය සමත් අපේක්ෂකයින්ගේ ලකුණු අඩුකර සම්මුඛ පරීක්‍ෂණ සඳහා කැඳවීම් ලද සහ පත්වීම්ලාභීන්ගේ ලකුණු ඊට සරිලන පරිදි වැඩිකර ඇති බවත් ඔවුහු චෝදනා කර සිටිති.

එමෙන්ම මෙම ගුරු විභාගය සඳහා පෙනී නොසිටි හා සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම් නොලඳ පුද්ගලයින්ටද ගුරු පත්වීම් ලබා දී ඇති බවත් එම සංගමය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නත්තල කඳුළින් තෙත් කළ ගුවන් අනතුර… 40ක් මරුට… ( වීඩියෝ සහිතයි)…

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉන්දියාවට නේපාලයට යන හදිසි සහතිකය නවත්වා දැමීම අසාධාරණයි! දඹදිව වන්දනා සංවිධානය කරන පිරිස් චෝදනා කරති…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.