උතුරට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක්…

දිනසේන රතුගමගේ –

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන පරිදි අළුතින්  රෝහල් හතරක් උතුරු පළාතේ පිහිටුවීමට සෞඛ්‍ය බලධාරීන් හා යුද හමුදාව පියවර ගෙන තිබේ.

ඒ අනුව යාපනය වවුනියාව කිළිනොච්චිය හා  මන්නාරම යන පළාත් වල එම රෝහල් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

වවුනියාව ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකෙරෙන රෝහල ඇඳන් 1000 කින් සමන්විත වන අතර තවත් එවැනිම රෝහලක් කිළිනොච්චියේ  මලයාලපුරම් යුද හමුදා රෝහල තුළ පිහිටුවනු ලබයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය කෝපායී ප්‍රදේශයේද මන්නාරම නගරයේද තවත්  රෝහල් දෙකක් පිහිටුවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.

Exit mobile version