ඊ-පත්තරේ සමාජ මාධ්‍යවල යෙදීම නීතිවිරෝධියි – ඉන්දීය නීතීඥයෝ කියති

කොරෝනා වසංගතයෙන් පසුව මේ රටේ පමණක් නොව ලෝකයේ ම මුද්‍රිත මාධ්‍යයේ  වෙනස්කම් රැසක් සිදුවුණි. එයින් ප්‍රබලතම වෙනස වූයේ ඊ අන්තර්ජාල පුවත් පත් වැඩිවීමය.ඒවා භාවිතය මෙන්ම  ප්‍රවර්ධන චද වැඩි වීමය. ශ්‍රි ලංකාවේද එතෙක්  මුදල් ගෙවා දායකත්වය ලබා ගෙන කියවීම අවශ්‍ය ව තිබූ පුවත් පත් පවා කොරෝනා සමයේ නොමිලේ පරිගණක ජංගම දුරකථන හරහා කියවීමට අවස්ථාවක් ලබා දුන්හ. මේ සමඟ නිර්මාණය වූ එක් ප්‍රවණතාවක් වූයේ ඇතැම් පත්තර පිටු පිටින් සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වීමය. විශේෂයෙන් PDFගොනු ලෙස හෝ ප්‍රතිරූප (ඉමේජ් ) ලෙස මෙම හුවමාරු වන අතර එය සම්පූර්ණයෙන්ම නීති විරෝධී සහ සාදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් ලෙස ඉන්දීය නීතිවේදියෝ ප්‍රකාශ කරති.

මේ දිනවල ඉන්දියාවේද වට්ස් ඇප් කණ්ඩායම් හරහා විශාල වශයෙන් ඊ පේපර් හුවමාරු වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ටයිමිස් ඔෆ් ඉන්දියා පුවත් පත විසින් සිදු කරන ලද සමාජමය කතිකාවතක් හරහා නීතීඥයන් මේ බව ප්‍රකශ කර තිබේ. මෙම  නීතිඥයන් ඉල්ලා සිටින්නේ එසේ වට්ස් ඇප් හෝ ෆේස්බුක් මැසෙන්ජර් හරහා එන ඊ පේපර බාගත කිරීම සිදු නොකරන ලෙසය. එය ඉන්දියාවේ පිටපත් අයිතිය පිළිබඳ  පනත යටතේ වරදක් ලෙස පෙන්වා දෙන මෙම ඉන්දීය නීතිඥයන් පවසන්නේ ඒ වෙනුවට අදාල පුවත් පත් ආයතනය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවිය පරිශීලනය නිරීම හෝ එහි අංගු අන්තර්ගතයන් හුවමාරු කරවන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇතැම් වෙබ් අඩවි තම වෙබ් අඩවිය වෙත එන ග්‍රාහකයන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ද මෙවැනි උපක්‍රම භාවිත කළද මුද්‍රිත හෝ මුද්‍රිත ආතාරයට සකස් කරන ද පුවත් පත් පිටුවක හිමිකම එම සමාගම සතු වන බව පෙන්වා දෙන ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ නීතීඥයකු වන චන්දර් ලාල් මහතා පවසන්නේ ඒවා සමාජ මාධ්‍ය හරහා හුවමාරු කිරීමට කිසිදු බාහිර පාර්ශ්වයකට නීතියෙන් අවසරයක් නොමැති බවය.


Exit mobile version