ඊශ්‍රායලයේ ආගමික උත්සවයකදී සිරවී 44ක් මරුට

ඊසානදිග ඊශ්‍රායලයේ ජනාකීර්ණ ආගමික උත්සවයකදී සෙනඟ අතර තැලී පොඩිවීම නිසා පුද්ගලයින් 44 දෙනෙකු මිය ගොස් තිබේ.

වාර්ෂිකව මෙරොන් කන්ද පාමුල පැවැත්වෙන ලැග් බී ඔමර් උත්සවයේදී තවත් දුසිම් ගණනක් තුවාල ලැබූහ.

අගමැති බෙන්ජමින් නෙතන්යාහු එය “මහා ව්‍යසනයක්” ලෙස විස්තර කළ අතර තුවාල ලැබූවන් වෙනුවෙන් යාඤා කරන බව ද පැවසීය.


ඕතඩොක්ස් යුදෙව්වන් දස දහස් ගණනක් මෙම උත්සවයට සහභාගී වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය කොවිඩ් වෛරස් වසංගතය ආරම්භ වූ දා සිට ඊශ්‍රායලයේ පැවති විශාලතම උත්සවය විය.

Exit mobile version