ඊශ්‍රායලය හමුදා වෙඩි තැබීමකින් අල් ජසීරා මාධ්‍යවේදීනියක් මරුට

shireen abu akleh

ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේදී  එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අල් ජසීරා පුවත් සේවයේ ජේෂ්ඨ මාධ්‍යවේදිනියක් වන ශීරීන් අබු අක්ලෙ මරණයට පත්ව ඇත.

ඇය ඊශ්‍රායල හමුදා විසින් බටහිර ඉවුරේ පිහිටි පල්ස්තීන සරණාගත කඳවුරක කළ වැටලීමක් ආවරණ කරමින් සිටියදී  මෙලෙස මියගොස් තිබේ.

ඊශ්‍රායලය හමුදා විසින් ඇයගේ මුහුණට එල්ල කළ වෙඩි ප්‍රහාරකින් දරුණු තුවාල ලැබීමෙන් අනතුරුව මරණයට පත්ව ඇති බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.


මරණයට පත් අල්-ජසීරා මාධ්‍යවේදිනිය “මාධ්‍ය” ලෙසට සඳහන් ජැකට්ටුවක් සහ හිස් ආවරණ පැලැඳ සිටිය දී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවද අල් ජසීරා පුවත්සේවයේ චෝදනා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී තවත් පලස් තියෙන මාධ්‍යවේදියෙකු වන අලි අල් සමවුඩී හටද වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version