ඊයේ කොවිඩ් මරණ 38යි.. ආසාදිතයන් 3441යි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඊයේ කොවිඩ් මරණ 38ක් සහ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 3441ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ අනුව මෙතෙක් ලංකාවේ සිදුවූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 1089ක් විය. දෙවන රැල්ලෙන් පසු රට තුළින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යව 148406කි.

මිය ගිය අය 24 දෙනෙක් වයස අවුරුදු 71 ඉක්මවූ අය බවත්, අවුරුදු 61 -70 අතර පුද්ගලයින් 10ක් හා අවුරුදු 51-60 අතර පුද්ගලයෙක්, අවුරුදු 41-50 අතර පුද්ගලයෙක් සහ 31-40 අතර පුද්ගලයන් 02ක් වාර්තා වන බව රජය නිවේදනය කළේය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙතෙක් මාධ්‍ය වෙත නිකුත් කළ පූර්ණ කොවිඩ් මරණ වර්තාව වෙනුවට දල සංක්ෂිප්තයක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත. එය පහතින් වේ.

Exit mobile version