ඉෂාලිනී බිත්තියේ ලිව්ව “ මරණයට හේතුව“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කීර්ති ප්‍රනාන්දු –

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නිවසේ පිළිස්සී මළ දැරිය රැඳී සිටි කාමරය ඊයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක කළ අවස්ථාවේ එම කාමරයේ බිත්තියක ඉංග්‍රීසි අකුරින් දෙමළ වැකියක් සඳහන්ව තිබී හමු වූ බවත්, ඒ පිලිබඳව පරීක්ෂයන්ගේ අවධානයට ලක් වී ඇති බවත් වාර්තා වේ.

මෙසේ ඉංග්‍රීසි අකුරින් සටහන් කර ඇකි දෙමළ වැකියේ සිංහල අරුත “ මගේ මරණයට හේතුව“ යන්න යැයි පොලිසිය පවසයි.

එහිදී රස පරීක්ෂක නිලධාරීන් විසින් එම වැකිය සහිත බිත්තියේ ඡායාරූපයක් ද ලබාගෙන ඇති අරත මෙම අත් අකුරු ඉෂාලීන්ගේ ද යන්න හඳුනා ගැනීම සඳහා ඇයගේ අත් අකුරු පරීක්ෂණයකට ලක් කරන බව ද වාර්තා වේ.

Exit mobile version