ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත වේ…

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ වාන් දොරටු  6 ක්  31 දා සවස සිට අඟල් හය බැගින්  විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඉරණමඩු ජලාශය වාන් දැමීම සදහා අඩි 36 ක ජල මට්ටමක් අවශ්‍යව ඇති අතර මේ වන විට ජලාශය  අඩි 35 යි අගල් 7 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය ප්‍රදේශයට මේ දිනවල අධික වර්ෂාවක් ලැබෙන බැවින් කිළිනොච්චිය දිසාපතිනී රූපවතී කේතීස්වරන්   හා වාරිමාර්ග නිලධාරීන්  සාකච්ඡා කොට වාන් දොරටු විවෘත කොට ඇති අතර මේ හේතුවෙන්  ඉරණමඩු ප්‍රදේශයේ පහත් බිම්වල සිටින ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙසටද උපදෙස් දී තිබේ.


Exit mobile version