සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනොග්ලොබියුලීන්වල මාරාන්තික බැක්ටීරියා… පිළිකා නාශක කියලා දීලා තියෙන්නේ නිකම්ම ලුණු වතුර… විදේශ පර්යේෂණ වාර්තාවක් ‍ අධිකරණය ඉදිරියේ හෙළි වෙයි…

by editor
ජූනි 19, 2025
in පුවත්
keheliya
Share on FacebookShare on Twitter
  • බාල ඖෂධ ගෙන්වීමට අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවේ පූර්ණ වගකීම විෂය භාර ඇමතිවරයාට… හිටපු ජනපති රනිල් සීඅයිඩි ඇවිත් කියලා ගිහින්…

  • පවුල් පිටින් හැඳිගෑවෙමින් පාදඩකම්වල කර්මය ගෙවන ආකාරය කෙහෙළිය දිහා බලාගෙන ඉගෙන ගන්න…

මුන්ට කුණු පණුවන් නොගසාවි දැයි වැටහෙන්නේ නැත. ජීවිතය යදින පිළිකා රෝගියෙකුට පිළිකා නාශක ප්‍රෝටීන වෙනුවට ලුණු වතුර විකිණිය හැකිනම්, ප්‍රතිදේහ ඖෂධයක් වෙනුවට මාරාන්තික බැක්ටීරියා සහිත ජලය ඖෂධ ලෙස විකිණිය හැකිනම් මුන් මනුෂ්‍යයන් වන්ට බැරි කාලකන්ණි පිශාචයින් බව කිව යුතුව ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල විෂය භාර කැබිනට් ඇමතිවරයා වශයෙන් හදිසි මිලදී ගැනීමක් සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගෙන ජනතා මුදල් ලක්ෂ එක්දාස් හාරසීය හතලිස් හතරක මුදලක් වියදම් කර ගෙනත් තිබුණේ මොනවාදැයි අද අධිකරණයේ දී හෙළිදරවු වුනේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි ජර්මානු රසායනාගාරයකට යවා ප්‍රශ්නගත ඖෂධවල විශ්ලේෂණ වාර්තාවක් අද අධිකරණ ඉදිරියේ ගෙනහැර දැක්වූයේ මුළු රටම තිගස්වමිනි.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නැමැති ප්‍රතිදේහ ඖෂධ තොගය තුළ මිනිස් ශරීරයට අහිතකර මාරාන්තික බැක්ටීරියා ජලය තිබු බව එම වාර්තාව සනාථ කළේය.

එමෙන්ම එම රසායනාගාරයෙන් කළ පරීක්ෂණයේ වාර්තාවට අනුව පිළිකා රෝගීන්ට දෙන පිළිකා නාශක ඖෂධයක් වූ රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුරත් පමණක් අඩංගු බවට තහවුරු වී තිබුණේය.

RelatedPosts

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

මේ ඖෂධ නිශ්පාදනය කිරීමට යැයි ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කර තිබිණි. තිගස්වන කාරණාව වන්නේ එම අමුද්‍රව්‍යවල රේගු අංකය පරීක්ෂා කළ විට එම අංකය හරහා ගෙන්වන්නේ රසායනික උපත් පාලන බව අනාවරණය විය.

ඖෂධවලට අදාලව සිදුකළ මේ ජාත්‍යාන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඉදිරියේ අද අධිකරණයට දුන්නාය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම උසාවිය ඉදිරියේ කළ හෙළිදරව්ව මෙසේය.

නියෝජ්‍ය සොලිසිටර්වරිය – “පළමු සැකකාරු බාල ඖෂධ සැපයූ සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු යන අය විසින් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීමට ලබා දී තිබෙන ඖෂධ කිසිදු ඖෂධමය ගුණාත්මක භාවයකින් තොර ද්‍රාවණ බවට විශේලේෂණ වාර්තාවලින් දක්වා තිබෙනවා ස්වාමීනී.”

“ඒ වගේම ස්වාමීනී, ප්‍රතිදේහ එන්නතක්වන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය තුළ මනුෂ්‍ය ශරීරයට අහිතකර විෂ සහිත මාරාන්තික බැක්ටීරියා වතුරත්, පිළිකා නාශක ඖෂධයක්වන රාටොප්සිමැප් ඖෂධයේ පිළිකා නැසීමට හැකි ප්‍රෝටීන් සංඝටක ඇතුළත් නැති බවත්, ඒවායෙහි සොඩියම් ක්ලෝරයිඩ්… ඒ කියන්නේ ලුණු වතුර පමණක් අඩංගු බවත් පැහැදිලිවම වාර්තා කර තිබෙනවා. ”

” ස්වාමීනි… අටවන සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ කැබිනට් පත්‍රිකාව මත පදනම්ව ශ්‍රී ලංකා රජයේ රුපියල් ලක්ෂ එක්දාස් හාරසීය හතලිස් හතරක මුදලක් වැය කර ජනතාවට ඖෂධ ලෙස අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුරත් නිකන්ම නිකම් ලුණු වතුරත් ගේන්න වියදම් කරලා තියනවා.” නියෝජ්‍ය සොලිසටර් ජෙනරාල්වරිය කීවාය.

මහේස්ත්‍රාත්වරිය – පළමු සැකකරු මෙම ඖෂධ නිශ්පාදනයට ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ආනයනය කරලා තිබේ ද?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය – පළමු සැකකරු විසින් ඖෂධ නිශ්පාදනය සඳහා ආනයනය කරන ලද අමුද්‍රව්‍ය සියල්ල මොනවාදැයි රේගු වර්ගීකරණ අංකය යටතේ එම දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව පරික්ෂා කළා.

ස්වාමීනී… අධිකරණයේ හෘද සාක්ෂික කම්පාවෙන සුළු දෙයක් දැන් ඔබතුමියට කියන්නේ. මේ පළමු සැකකරු විසින් ඖෂධ නිශ්පාදනයට ගෙන්වන ලද අමුද්‍රව්‍ය රේගු අමුද්‍රව්‍ය ආනයන වර්ගීකරණය අනුව 3006.60.00 යන වර්ගීකරණ අංකයෙන් ගෙන්වා තිබෙනවා. ඒ වර්ගීකරණ අංකය යටතේ ආනයන කරන ඖෂධ මොනවාද කියා විමර්ශන නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා.

රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අදාළ වර්ගීකරණය අංකය යටතේ ආනයනය කරනුයේ රසායනික උපත් පාලන වර්ග බව කියා තිබෙනවා. ස්වාමීනි. මේ සැකකරුවන් හිතාමතාම මේ සාපරාධි අපරාධයක් කරන්න දායක වෙලා තියනවා.

මෙම ඖෂධ තොගය හදිසි මිලදි ගැනීම් ලෙස ලබාගෙන තිබුණේ කැබිනට් පත්‍රිකාවකට ලබා ගත් කැබිනට් අනුමැතියක් මගින්. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ද ප්‍රකාශයක් ලබා තිබිණි. අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳ පූර්ණ වගකීම හිටපු විෂය භාර අමාත්‍යවරයා විසින් දැරිය යුතු බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි.

පළමු සැකකරු හා සෙසු සැකරුවන් අතර සිදුවූ දුරකථන සංවාද පිලිබඳ වාර්තාවක් විමර්ශන අංශ විසින් සකස් කර ඇති බවත්, එමගින්ද ඔවුන් අතර ඇති සබඳතාව පැහැදිලිවන බවත්, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය.

බාල ඖෂධ ගනුදෙනුවට අදාලව මේ වනවිට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.

නඩුව ජූනි 16 වැනිදා යළි කැඳවීමට නියමිතය.

අප දන්නේ එක දෙයකි. කෙහෙළිය උඹට දිට්ඨදම්මවේදනීය වශයෙන් මේ නින්දිත අපරාධයට අපේ ඇස් ඉදිරියේ විඳවන්නට සිදුවන්නේය. මිනිසෙකුට කරන්නට තබා හිතන්නටවත් නොහැකි මේ තුප්පහිකම්වලට වන්දිය පවුල් පිටින් හැඳිගෑවෙමින් මේ වනවිට විඳවන ආකාරය ලෝකය දකින්නේය. මේ ආකාරයේ පාදඩයින්ට කළ පවු පළ දෙන ආකාරය දැක ගන්නට අවශ්‍ය නම් ජාතක කතා බණ කතා නොසොයා කෙහෙළියට වෙන දේ ගැන බැලුවොත් ප්‍රමාණවත්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර ඇසළ පෙරහර ජූලි 25 ඇරඹීමට දින නියම වෙයි!

Next Post

විමර්ශන අඩපණ කිරීමට කුප්‍රකට W15 අපරාධයට අදාලව සාක්ෂි හංගලා… අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙළි කරයි!

Related Posts

chartered-institute-of-media-professionals
පුවත්

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
chartered-institute-of-media-professionals

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

ජූනි 6, 2026
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ ව්‍යවස්ථාපිත ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ!
  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.