ඉන්ධන මිල වැඩිවීමත් සමග අරගලය ගමට… අරගලකරුවන් පාන්දර සිට විරෝධතාවයක!… පිවිසුම් මාර්ග සියල්ල වැසෙයි…

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ආණ්ඩුවට විරෝධය පළ කරමින් රමුක්කන ප්‍රදේශයේ ජනතාව අද අලුයම සිට රඹුක්කනට පිවිසීමට ඇති සියලුම මාර්ග අවහිර කරමින් දැඩි උද්ඝෝෂණයක නියැළෙන බව අප වාර්තාකරු සඳහන් කරයි.

මහා මාර්ගවල ටයර් පුළුස්සමින් රඹුක්කන නගරයට පිවිසීමට ඇති සියලුම ප්‍රවේශ මාර්ග   අවහිර කර ඇති මෙම ජනතාව වීදි බැස  රජයට එරහිව සටන් පාඨ කියමින් විරෝධතාවේ නියැළෙන බව වාර්තා වේ.

ඒ අනුව රමුක්න නගරය පිවිසෙන කෑගල්ල කරඬුපන හන්දියේ සිට , හතරලියද්ද මාර්ගය සහ කුරුණෑගල මාර්ග අවහිර කර ඇති අතර වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හේතුවෙන් අතුරු මාර්ගවල දැඩි වාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා රඹුක්කන පොලිසිය  මෙ වනවිට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරු සඳහන් කරයි.


Exit mobile version