ඉන්ධන පෝලිමේ සිට අලුයම ගෙදර යන්න ගිය  සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරියා වනඅලි ප්‍රහාරයකින් මරුට…

සූරියවැව – නුවන් ජයසේකර –

පුරා පැය 04ක් ඉන්ධන පෝලිමේ ගතකර පෙට්‍රල් ලීටර දෙකක් ලබාගෙන  නිවස බලා යමින් සිටි සූරියවැව කෘෂි පර්යේෂණ නිලධාරීවරයා වන ඒ.ජී සොමිපාල (57)  අද අළුයම  2.30ට පමණ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය අසල දී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.

තිදරු පියෙක්වන මෙම කෘෂිකර්ම  පර්යේෂණ නිලධාරීවරයා සූරියවැව ඉන්ධන පිරවුම්හලට රාත්‍රී 08 පමණ වනවිට එක් වී අළුයම  2ක  පසුවනතුරු පෝලිමේ රැඳී හිඳ ඉන්ධන ලබාගෙන මීගහජඳුර මහගල්වැව ප්‍රදේශයේ සිය නිවස බලා යද්දී    මේ වන අලි ප්‍රහාරයට ලක් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඔහුගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ තැන්පත් කර තිබේ.

Exit mobile version