ඉන්ධන අර්බුදයක් ආවොත් ගන්න ක්‍රමේ ගම්මන්පිල හෙළිකරයි

ශ්‍රී ලංකාවේ යම් ඉන්ධන හිඟයක් ඇති වුවහොත් එම ඉන්ධන වර්ගය ලබාදිය යුතු බවට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමග පසුගියදා අත්සන් කළ අවබෝධතා ගිවිසුමේ කොන්දේසියක් එක් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එම ඉන්ධන ආපසු මාස තුනක කාලයක් තුළ ලබා දීමේ පදනම මත මෙසේ ලබාගත හැකි බව පෙන්වා දෙන ගම්මන්පිල මහතා රටේ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවදානමක් මතු වුවහොත් කතාකරුවන්ට පෙර ඒ බව රටට කියන්නේ තමන් බව ද සඳහන් කළේය.

හිරු ටීවී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡා පවත්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ජනවාරි මාසේ ඉඳලා සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවිය හැකි බව තමන් මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව ය.


ජනවාරි මාසය තුළ ඉන්ධනවලට අදාල ණය අර්බුදයක් බෞද්ධ ගත්තද එය විසඳා ගත හොත් අඛණ්ඩව ඉන්ධන ලබා දිය හැකි බව අදාළ කාලය තුළ ණය සම්බන්ධ කටයුතු සම්පූර්ණ වීමට නියමිත බැවින් පෙබරවාරි මාසයේ කිසිදු අර්බුදයකින් තොරව ඉන්ධන ලබා ගත හැකි බව ඔහු සඳහන් කළේය.

යළිත් මාර්තු මාසයේදී ඉන්ධන සැපයීම පිළිබඳ යම් අර්බුදයක් දැනට පවතින බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවශ්‍ය ඉන්ධන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා නොදෙන බවට චෝදනා කළද ඔවුන්ට තමන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඉන්ධන අවශ්‍ය නම් ඊට අදාළ ඩොලර් ලබා දෙන ලෙසට ඉල්ලීම් කළ බවත් විදුලිබල මණ්ඩලය හෝ අමාත්‍යවරයා ලේකම්වරයා ඇතුළු කිසිවකු තමන්ට ජනවාරි මාසේ ඉන්ධන අවශ්‍යතාවක් ඇති නොවන බව ප්‍රකාශ කළ බවත් එයට ජනාධිපතිවරයා ද සාක්ෂි දරන බව ද ඔහු සඳහන් කළේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් කිසි විටෙක ඩීසල් අවශ්‍යතාවක් පිළිබඳ කලින් නොදන්වා ඇති අතර දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 බැගින් අවශ්‍ය බවට ප්‍රකාශ කළේ පසුගියදා බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය .

Exit mobile version